
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නිවේදනය කළේය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 70 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 32 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3940 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1582 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 740 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, ජෙප්පෝ හිටියනං මෙහෙම අඩු කරයි.
ඡන්දෙ ලංවෙන කොට තව තවත් මිල පහළට. ඡන්දෙන් පස්සේ නැවත මිල වේගයෙන් ඉහළට.
දාස් ගණන්වලින් වැඩි කරලා ඡන්දේ ලංවුනාම 175 අඩු කළා ම මිනිස්සු රැවටිලා ඡන්දේ දෙයි කියලා හිතුවද? මිනිස්සු ඒ ගොනා විකුණලා ඉවරයි.
මේකේ අදහස් දාලා තියන සමහරක්ට ඕනෑ ගෑස් නිකං ගන්න. සම හරක්ට හැම එකටම ඡන්දේ. ඔවුන්ට මතක නැහැ.. මීටකලින් අඩුකරපු, වැඩිකරපු බව...!
2500 වැඩිකරලා 175 අඩුකරයි... ජයවේවා...!