(රෝෂන් තුෂාර)
"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස් කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03)නිකුත් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශනය ඒකකය කළ ඉල්ලීමක් අනුව නිකුත් කළ මෙම විදෙස් ගමන් තහනම ආගමන හා විගමන පාලකවරයාට යොමු කෙරිණි.
සීදූව, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර රන්න, අගුණුකොළ පැලැස්ස හා රත්ගම පදිංචි හය දෙනෙකුට මෙම තහනම පැනවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොඩේ බයියලාට රැවටෙන අය ඉන්නවනේ මේ රටේ...
ඇයි රට යන්න තහනම විතරක්, මූල්‍ය වංචා යටතේ ඇතුලට දාන්න. අහිංසකයින්ගේ ලේ කඳුලු වලින් සැප ගන්නවාට. ලංකාවේ මූල්‍ය වංචා කරුවන් වීරයින්සේ සලකන රටක් නේ කොහෝමත්...!
ආගමන විගමන පාලකට කියලා මොනවා කරන්නද? අර VSF දේශසීමා පාලක වරුන්ට කියන්න. ඒ ගොල්ලන් රටට එන යන එක පාලනය කරන්නේ නේද?
වීසා පිරමීඩ ලොක්කෝ අල්ලන්නේ නැතිද?