විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වෛද්‍ය සිසුන්ගේ විරෝධයෙන් ධර්මපාල මාවතේ වාහන තදබදයක්

2024.05.03
4.30 pm

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන්  අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් වසා දමා ඇති බවත් විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා මේ වනවිට කැරලි මර්දන භටපිරිස් සහ ජල ප්‍රහාරක රථ තබා ගෙන සිටින බව ආරංචි මාර්ග පවසයි.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)