( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

බිරිඳ  විදේශගත  වු  පසු  තම  සිවි හැවිරිදි  දැරියට   අමානුෂික  ලෙස  පහර දී එය  විඩියෝ කර  සමාජ මාධ්‍ය  වෙත  මුදා  හැරි  බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි  27 හැවිරිදි  පියෙකු  අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

බිරිය  මීට  මාස  නවයකට  පෙර  විදේශ ගත  වී  ඇති අතර  එම  දැරිය  රැක බලා  ගැනිම  සදහා මොහුට සහ  මොහුගේ මව්පියෝ වෙත  භාර  දී තිබුණි.

දැරිය  මේ වන විට  බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.

දරුවෙකුට  පහර  දී කෘරත්වයට  පත්  කිරිමෙිි  චෝදනාව  මත  මොහු  අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර  ලබන  17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස  බලන්ගොඩ   මහේස්ත්‍රාත්  හේෂානි   රොද්‍රගෝ   මහත්මිය අද (03) දා  නියෝග  කලාය.