
(අංජුල මහික වීරරත්න)
2024 වසරේ මුල් මාස හතරේ දී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි .
ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්‍ර තුනට අදාලව රැකියා හිමිවේ.
ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා ලාංකිකයින් 409 ක් ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා 804 දෙනෙකු හා කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා 1558 දෙනකුද පිටව ගොස් තිබේ. මීට අමතරව මැයි මාසයේ මුල් සති දෙකේ තවත් ලාංකිකයින් 172 ක් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත.
2023 වසරේ ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත්තේ ලාංකිකයින් 1912 දෙනෙකු පමණක් වන අතර, ඒ අනුව ශ්‍රි ලාංකිකයින් ඊශ්‍රායල් රැකියා සඳහා යොමුවීමේ විශාල වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බව කාර්යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රැකියා වලට ඊශ්‍රායෙල් රොත්තක් එයි, කියලා අහන්න ලැබෙන්නේ කවදාද? අපි ආපස්සට යන එක හා අනික් අය නොනැවතී ඉදිරියට යන රහස හොයාගන්න කෙනෙක් කවදා පහළ වේවිද...?
මොන තරම් ගියත් ඒ යන අයට ඉහළ මට්ටමේ පුහුණුවක් දෙන්න වැඩි වැඩියෙන් පුහුණු පාඨමාලා පටන් අරන් නැහැනේ නේද?
අනිත් රටවල් පුරවැසියන්ගේ ආරක්ෂාවට ඊශ්‍රායල් යවන එක නතර කරලා
මේක ගොඩක් හොඳයි, ඊශ්‍රායලය සංවර්ධිත රටක්... හොඳින් ගෙවීම් කරනවා.
ඊළඟ ආණ්ඩුව නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරනවා කියනවා. විදේශ රැකියා දෙන බව පවසා රැවටීමට හොර ඒජන්සි කාරයින්ට දෙන දඬුවමම මේ අයටත් ලැබේවි එතකොට...
හොඳ පුවතක්...!