( ශාන්ත චන්ද්‍රසිරි)

තලවකැලේ- නුවරඑළිය මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් නානුඔය, තැපැල් කාර්යාලය ඉදිරිපිටදී අද (03) ගිනි ගැනීමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්ව ගොස් ඇතැයි නානුඔය පොලීසිය පවසයි.

ත්‍රී රෝද රථයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදුව ඇතැයි නානුඔය පොලීසිය කියයි.

නෝර්ටබ්‍රිජ් ප්‍රදේශයේ සිට නුවරඑළිය නගරයට  පිරිසක් ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇති බවත්, ඉන් එහි ගමන් ගත් පිරිසට අනතුරක් සිදුව නොමැති බව පොලීසිය සඳහන් කරයි.