
(අංජුල මහික වීරරත්න)
“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.
ඩොලරයේ අගය වෙනස් වීමෙන් විශාල ලාභයක් ලැබූ වතු සමාගම් සිය සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබා නොදීම ගැන ලැජ්ජා විය යුතු බව කී වඩිවෙල් සුරේෂ් මහතා වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව අදාළ වැටුප් වැඩිවීම ස්ථීර වශයෙන්ම ලබාදිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව කීවේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
හාම්පුතුන්ගේ සම්මේලනය වැටුප් නියම කිරීමේ කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට සහභාගී වීම දිගින් දිගටම මඟ හරිමින් සිටි බවත් රුපියල් 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ අවස්ථාවේ දී ද ඔවුන් මුනිවත රකිමින් සිටි බවත් මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ. පොහොර එහෙම ලාභයිනේ... පඩි විතරක් ගෙවලා තණකොළ වවමු...
වතුකම්කරුවනේ, දුක විකුණන් කන මොන ආණ්ඩුව ආවත් ඇමැතිකම් කරන අයගේ කිඹුල් කඳුළු...!
NPP ආණ්ඩුවකින් තමයි සහන දිය හැක්කේ
අහිංසක වතු කම්කරුවන් විකුණන් කන ඔබ ගැන රටේ මිනිස්සු විදිහට අපිට පිළිකුල්...!
එහෙම නම්, වතුටික කම්පැණිවලින් ආපහු අරන් දවසකට 1700 නොවේ 2000 ගානේ දෙන්නකෝ නහයෙන් අඬන්නේ නැතිව..
කපටි දේශපාලකයෝ නූගත් කම්කරුවන් අවුස්සලා, අපට රටට තියෙන අගනා එකම සම්පත ceylon tea නාමයත් විනාශ කරයි වගේ. රනිල් කරුණාකරලා මේ වැඩේ නවත්තන්න.