(යොහාන් භාසුර)
නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමෙන් සිය මානව හිමිකම් කඩවූයේ යැයි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (3) පැමිණිල්ලක් කළාය.
සමඟි ජනබලවේගයෙන් දේශපාලනය කිරීම හේතුවෙන් එසේ තමන් අත්අඩංගුවට ගත් බව ඇය මානව හිමිකම් කොමිසමට පැමිණිළි කර තිබේ.
විදේශ රැකියා දෙන බව පවසා පුද්ගලයෙක්ගෙන් මුදල් ලබාගෙන වංචා කළේ යැයි සියන සිද්ධියකට දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන අඅධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක් විදිහට අපි ලැජ්ජා වෙන්න ඕනේ මේ වගේ... ආදර්ශමත් කාන්තාවකට මේ කරන හිරිහැර ගැන...
වංචාවක් කරලා තියෙනවා නම් දඬුවමක් ලැබෙයි...
මානව හිමිකම් ගිහින්? මෙයාට විරුද්ධව අනික් මනුස්සයා යන්නක් ඕනේ... බොරුවෙන් ජීවත් වෙන අය..!
මොකද මේ දමිතා ගැන එයාගේ වංචා ගැන පත්තරේ දානකොට ප්‍රවීණ රංග ශිල්පිනී කියන්නේ. ටෙලිනාට්‍ය එකක දෙකක ඉඳලා ප්‍රසිද්ද වුණාට වැඩිය වංචාවකට අසුවෙලා ප්‍රසිද්ද වුණා. එහෙනම් වංචාවල දමිතා කිව්වා නම් ගැලපෙනවා.
මෙයාගේ කට තවම මට්ටුවෙලා නෑ. මෙයා බලන්නේ සේරම දෙනාව කටින් බය කරන්න. දිගටම අතුලේ තියන්න ඕනා කාන්තවක් මේයා.