
(රංජිත් රාජපක්ෂ)
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පැවසිය.
ශ්‍රි පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ සාකච්ඡාවකට එක්වෙමිණි.
නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දැනුවත් කිරිමේ වැඩසටහනේදි වැඩිදුරටත් අදහස් දැක් වු බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියේ අවාරයේ ශ්‍රි පාදයේ සංචාරය සදහා පැමිණෙන දේශිය සංචාරකයන් ශ්‍රි පාද පුදබිම සහ පරිසරයට විශාල ලෙස හානි සිදු කරන නිසා අවාරයේ ශ්‍රි පාදස්ථානය සංචාරය කිරිමට අවසර ලබා නොදිමට තිරණය කළ බවයි.
අවාරයේ ශ්‍රි පාදය සංචාරය සදහා සියළුම මාර්ග ඔස්සේ පැමිණෙන දේශිය සංචාරකයන්ට අවසර ලබා නොදෙන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් සහ නල්ලතන්නිය පොලිසියෙන් ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලිමක්ද සිදු කලහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී පාදය කරුණා කිරීමට පැමිණෙන දේශීය බැතිමතුන් ශ්‍රී පාද අඩවිය තුළ සංචාරයේදී කරන්නා වූ පරිසර හානිය පිළිබඳව (Plastic bottles, bags සහ වෙනත් garbage) පිළිබඳව විදෙශීය සංචාරකයකු විසින් ශ්‍රී පාද අඩවියේ හෝ එම පරිසරය තුළ සිට එම පරිසරයේ වටිනාකම පිළිබඳව විදේශිකයකු ලවා දේශීය සංචාරකයින් විසින් ඔවුන් නොදැන පරිසරයට කරන්නා වූ හානිය පිළිබඳව වීඩියෝවක් කර සමාජ මාධ්‍යයට YouTube වෙත නිකුත් කළයුතු වේ.
ඕක හාමුදුරුවන්ගෙගේ නින්දගමක් නෙවෙයි, ජාතික සම්පතක්, විදේශිකයින් පරිසරය අපවිත්‍ර නොකරන්නත් දේශීය අය එසේ කරන්නත් හේතුවක් ඇති, මොකද සිංහල නොතේරෙන විදේශිකයින් හරියට යනවා... හාමුදුරුවන්ම දේශනා කරන මේ පින් බිමේ උපන් අය එහෙම කරනවා නම් බනේ අවුලක් ඇති. මේකෙන්ම පේනවා... අපි ගැන මේ අය හිතන හැටි, කරන්න ඕනෑ කිසිම කැලිකසල අරගෙන නොයන විදියට පරීක්ෂා කරල යවන එක...
අපි දුටුව කැලේ කපලා බෝපැල හිටුවලා වෙනම විහාර කර්මාන්ත කරනවා. ඒවා කරන්නේ හාමුදුරුවෝ දැනුවත්ව නේද? එතකොට පරිසරයට හානි වෙන්නේ නැද්ද? ඒවා සල්ලි ගරන වැඩ නිසාද? අපි දැක්කා සමහර පරිසර සංවිධාන එරෙහි වෙනකොට සමහර අන්ධ මතධාරියෝ බදූදින් කැලේ කපපු එක මතක් කරනවා, ඒ අය මොකද මේ පින්බිම රකින්න මැදිහත් නොවන්නේ..?
මේ උන්නාන්සෙට සිරීපාදය සින්නක්කරේට ලියල දීලද මෙහෙම අසාධාරණ මෝඩ තීන්දු ගන්න. ඇරත් විදේශීකයො කිව්වම ඉන්දියන් රුසියන් බංගලියනුත් ඉන්නවා. ලංකාවෙ අපි උන් සේරටම වඩා අපිරිසිදුද?
හලෝ මේ... සිරි පාදේ සාධු , අපිත් එක්ක නිකම් අනවශ්‍ය ප්‍රශ්න දාගෙන අපි ගැහුවා කියන්න එපා. සිරිපාදේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ.එය මේ ශ්‍රී ලාංකිකයින්ට පොදුවේ අයිති ආගමික ස්ථානයක්. අපිත් අවාරෙට සිරිපාදේ එනවා ..අවාරෙට අපිට වීසා නැත්ද ? සුද්දන්ට විතරද ? පුලුවන්නම් නතරකරලා බලන්න..හැබැයි කැඩුම් බිඳුම් තැලුම් වලට එහෙම වෙදකම් කරන වෙදමහත්මයෙකුත් පන්සලට ගෙනල්ලා තියාගන්න...අපි එනවා ..
ශ්‍රී පාදයේ එකතුවන කුණු වලිනුත් සල්ලි හොයන පවුලේ බූදලයක්ද එහෙම තීරණ ගන්නෙ? විදේශිකයන් විතරක් අවාරයේ යන්න අවසර දෙන්න තීරණය කරන්න ඒ ගැන තියෙන සහතිකය මොකක්ද? විදේශිකයන් අවාරයේ ඔය ප්‍රදේශ වල ගිහින් මෙරටට ආවේණික දුර්ලභ සත්ව හා ශාක වර්ග මෙරටින් හොර රහසේ පිටරට ගෙනියන බව උන්නාන්සේලා දන්නේම නැද්ද ? ඇත්තටම අවාරයේ ශ්‍රී පාද වන්දනා කරන බහුතරයක්ම ඒ පාරිසරික පද්ධතිය රස විදින අයයි.වාරයේ ගමන් කරන අයගෙන් වන පරිසර හානි ඔවුන්ගෙන් වෙන්නෙ නෑ.මුදල් තන්හාවේ නහින්න හදන ධම්මදින්නලා තමයි කොරෝනා වෙලාවෙත් ශ්‍රී පාද වන්දනාවට අවසර ඉල්ලලා රණ්ඩු උනේ.
දෙස් විදෙස් භේදයකින් තොරව අවාරේ ශ්‍රී පාද ගමන තහනම් කරන්න. වන්දනාවේ නාමයෙන් 6 මසක් තිස්සේ මිනිසා විසින් කරන ශ්‍රී පාද අඩවිය අවට පරිසරයට කරන විනාශය සුළුපටු නොවේ.
අවාරේ සිරිපාදේ නගින්නේ පරිසරයට ආදරේ කට්ටිය, ඒ ගොල්ලෝ එම පරිසරය අපවිත්‍ර කරන්නේ නැහැ.. මේ හමුදුරුවෝ මේ වෙන පොටකට එන්න හදන්නේ..
මිනිස්සුන්ට හොරෙන් සිරිපාදෙ කාලේ ඉතුරු නිධන් ටිකට දෙවියනේ කියලා නිදහසේ ගොඩදාගන්න හදන්නේ. එකපාරක් නිදානේ හාරන්න ගිහින් වැඩේ කාගත්තා. මේ පාර නම් නහින්නයි හදන්නේ. මතකනේ නාමල් කරගත්තු වින්නැහිය...
ඇත්තටම ශ්‍රී පාදේ අපිරිසිදු වෙන්නේ අවාරේ නෙවේ වාරේ. ඒ ගැන පහුගිය ටිකේම අපි දැක්කනේ. පුදුමෙ කියන්නේ හාමුදුරුවෝ ඒ ගැන දැනුවත් නැති එකයි.
මේ.. එතකොට ද්විත්ව පුරවැසියන්ට?
සමනල කන්ද බදු දෙමු හෝටලයකට...
අපේ රටේ විද්වතුන් මේ වගේ මෝඩ තීරණ ගන්න හරි දක්ෂයි. පරිසරයට හානි කරනවා නම්, ඒකට නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට රටේ සමස්ථ ජනතාවට තහංචි පැනවීම කැකිල්ලේ තීන්දුවක්. මෝඩ බුද්ධිමතුනේ!, ඔබලාගේ තීරණ නැවත පරිශීලනය කරන්න.
මාර රටක්නේ මේක... රටවැසියන්ට රටේ ඇවිදින්න අයිතියක් නැහැ. ඉස්සෙල්ලාම නින්දෙන් නැගිටින්න හාමුදුරුවෝ...!
සමහර විට ශාක, පක්ෂි ඇතුළු වටිනා දේ පිටරට අයට විකුණන්න ගහපු ගැටයක් වෙන්න ඇති...
මේ ඇතැම් චීවරධාරීන් එක්ක මුකුත් කරන්න බැහැ. සියලු ආගමික ස්ථාන මේ අයගේ බූදලයට ලියාගෙන. මේ රටේ පුරවැසියන්ට අදාළ වෙන්නේ පන්සල නඩත්තු කිරීමයි... ටැක්ස් ගෙවන්නයි විතරයි.
රටේ කලක සිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා සංග ත්‍රස්තවාදයක්, ඒක කාලයක් රාජපක්ෂ නරුම පාලන සමග ක්‍රියාත්මක වෙමින් සුළු ජන කොටස් සහ ආගමික කොටස් මත භීෂණ පතුරවමින් රාජපක්ෂ කල්ලිය බලයට ගෙන එන්න හා බලයේ රඳවා ගන්න මතවාද සකසමින් වැඩ කළා. අරගලයෙන් රාජපක්ෂ කල්ලිය බලයෙන් පහ කල පසු ඒක ක්‍රියාත්මක වුනේ පවතින දුර්දාන්ත පාලනයට එරෙහිව හා සමාජ ක්‍රියාකාරීන් එරෙහිව නිසා නිසා කවුරුත් නිශ්ශබ්දව හිටියා. දැන් ඒකේ උච්චතම අවස්තාවට ඇවිල්ලා මහජනතාව එරෙහිවත් විශේෂයෙන් බෞද්ධ සමාජයට එරෙහිව ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. දැන් ඒ ත්‍රස්තවාදයට තිත තියන්න කාලය ඇවිල්ලා.
මේක නීතිවිරෝධී වැඩක් කොරොත් නඩු දාන්න ඕනෑ...
රටට ඩොලර් ගේන්නනේ මෙච්චර මහන්සි වෙන්නේ.. කුණු අදින්න පෞද්ගලික සමාගමකට දුන්නු කොන්ත්‍රාත් එකෙන් කීයක් කොමිස් ගැහුවාද කියලා දන්න අය නම් දන්නවා. එක අවුරුද්දක් ලංකාවේ මිනිස්සු සිරිපාදේ නොගිහින් ඔය කියන විදේශිකයින්ට විතරක් යා ගන්න දුන්න නම් බලන්න තිබ්බ ධම්මදින්නා මොකද කරන්නේ කියලා.
ලාන්කිකයින්ට ඇති අයිතිය හාමුදුරුවන් විදේශිකයින්ට දීලා තියෙන්නේ මොන නීතිය යටතේද ? පුරවැසියෙක්ටවත් යන්න දෙන්නේ නැති තැනකට ඔබලාට යන්න දෙන්නේ කියලා සුද්දන්ගෙන් ලොකු ඩොලර් ගානක් කපයි. ලංකාවේ අයත් නැති හින්දා පිටරට අය පෙරළි පෙරළි ජාන මංකොල්ල කයි. මේ පුද්ගලික බූදලයක්ද හිතෙන හිතෙන විදිහට තහනම් කරන්න?
මිනිස්සු යන එක තහනම් කරලාම දැම්මා නම් ඉවරයිනේ සාධු. පුළුවන් නම් එහෙම කරලා පෙන්නන්නකෝ...!
එහෙනම් විදුලි, වතුර බිල් ටිකත් එයාලට කියලාම ගෙවා ගන්න...
හොඳ වැඩක්. පුළුවන්නම් ශ්‍රී පාද වාරයෙත් අපේ "සංචාරකයෝ" රක්ෂිතයට ඇතුලු වන එක තහනම් කරල දාන්න ඕනේ. කැලේ වනසනවා, කුණුදානවා ඉවරයක් නෑ. ඔවුන්ට ගහ කොල සත්‍තුන්ගේ කිසි වටිනාකමක් නෑ. ඔවුන්ට මේක තවත් ආතල් එකක් ගන්න තියෙන තැනක් විතරයි...
ලන්දේසි නිකායේ ස්ථානාධිපතිලා කියන විදිහට හැමෝම වැඩ කරන්න. එච්චරයි...
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන මූලික නීතියෙන්ම මූලික අයිතිවාසිකම් කියලා දෙයක් හඳුන්වා දී අදට වසර 46 ක් වෙනවා. මිනිස්සුන්ට ආගමික නිදහස වගේම ලංකාව තුළ ගමන් කිරීමේ නිදහසත් ජාතිය ආගම කුලය ජන වර්ගය හෝ ස්ත්‍රී පුරුෂ භාවය වැනි හේතු මත කිසිම තැනැත්තෙකුට වෙනස් කොට හෝ විශේෂ කොට සැලකිය යුතු නොවන බව එහි දක්වා තිබෙනවා. ආරක්ෂාව වැනි හේතුවක් මත වන්දනා කරුවන්ගේ ගමන සීමා කිරීම නීත්‍යානුකූල වුවත් විදේශිකයින්ට පමණක් අවසර දීමෙන් එය අනීතික වෙනවා. නල්ලතන්නිය පොලිස් නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සියළුම රජයේ සේවකයින් රජයේ සේවය ආරම්භ කරන්නෙම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දීලා. දැන් මේ හාමුදුරුවන් ඔවුන්ගෙන් ඉල්ලන්නේ ඒ දිවුරුම කඩ කරලා රටේ නීතියට පිටින් වැඩ කරන්න කියලද? රටේ මූලික නීතිය තුට්ටුවකට මායිම් නොකරන මෙහෙම කෙනෙක්ට ශ්‍රී පාදස්ථානයේ භාරකාරීත්වය දීලා තියෙන එක ගැන ඇත්තටම ලැජ්ජා විය යුතුයි...