
(අංජුල මහික වීරරත්න)
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම බලධාරීන්ට උපදෙස් දී ඇත.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාල වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් වරයා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කළේය.
අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමග කිසිදු සාකච්ඡාවක් නොකර අදාල වැටුප් වැඩි වීම සිදුකර ඇති හෙයින් තමා අධිකරණය හමුවට යන බවයි.
ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කරමින් පැවසූයේ
වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ ප්‍රකාශය කරන අවස්ථාව වන විට තම සංගමය වැටුප් වැඩි කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නොතිබූ බවයි.
කෙසේ වුවද වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම ප්‍රකාශයට පත් කළේ වතු හාම්පුතුන්ගේද එකඟතාවය මත බව රජය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැවටීම කලාවක් නම් රනිල් එහි පිකාසෝ වෙයි.
සල්ලි අච්චු ගහලා හාම්පුතුන්ට දෙන්න පඩි ගෙවන්න කියලා...
ප්‍රශ්නයක් නැහැ ජනධිපතිතුමනි... ඔබතුමා කම්කරුවන්ට සහාය දෙන්න. තේ දළු කිලෝවකට රු 400ක සහතික මිලක් නොදී ඔහොම ගියොත් කොහොමත් ඔය කම්කරුවන්ට වෙන්නේ වෙනත් රැකියා හොයාගන්න තමයි.. මොකද ලොකු කුඩා කොයි වතු හිමියන්ටත් තම වතුවල දළු නෙලීම නවත්වා දැමීම හැර වෙනත් විකල්පයක් නැති වෙන නිසා... කවුරු හරි කෙනෙක් ඔබතුමාට ලණුවක් දීලා වගෙයි පෙනෙන්නේ...
තමන්ගේ ඡන්ද ටික වැඩි කරගන්න ඕනෙම දෙයක්...!
මේවා දේශපාලන වාසියට ගන්නා තීරණ. රාජපක්ෂලා ඛදු පිළිබඳව ගත්තු වැරදි තීරණ හේතුවෙන් අද එහි ප්‍රතිඵල ලැබී ඇත. ජනාධිපතිතුමාගේ මෙම තීන්දුව නිසා වතු ආර්ථිකය ද කඩා වැටීමට ඉඩ ඇත.
පළමුව වික්‍රමසිංහලාට අයත් වතුයාය වල කම්කරුවන්ට දවසකට රුපියල් 1700 ගානේ ගෙවලා පෙන්නුවොත් අපි රනිල් සමග වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකර ගැනිමේ සටනට එක්වෙනවා...
දැන් මෙයාලාව එළවන්න ඕනේ... කෝ මේ පරගල කාරයින්...
මේවා දේශපාලන වාසි බලාගෙන කරන වැඩ. යම්කිසි කර්මාන්තයක් පවත්වාගෙන යන කෙනෙක් තමා දන්නේ ඒක කරගෙන යන්නන මොන මොන ප්‍රශ්නද තියෙන්නේ කියලා. AC කාමරවල ඉඳලා විසඳුම් හොයන අයට ඒවා තේරෙන්නෙ නෑ. මෙහෙම ගියොත් මිනිහෙක්ගෙන් වැඩක් කරගන්න වෙන්නේ නෑ. තේ කර්මාන්තයත් කඩාවටටලා තමයි පස්ස බලන්නේ. ඊළඟ ජනාධිපතිවරණය බලාගෙන ඕනෑම දෙයක් දෙන්නම් කියලා කියනවා. ප්‍රාෙයා්ගිකව කරගෙන යන්නේ කොහොමද කියලා හිතන්නේ නෑ.
අනේ මෙහෙම බල තණ්හාවක්...!
මේක ඡන්දේ ඉවරවෙනකල් ගහන නඩුවක්. කොහොමත් නඩු දැම්මාට පස්සේ තීන්දුව දෙනකල් ගැසට් එක අත්හිටුවයි. ඡන්දේ ඉවර වෙනකල් නඩුව ඇද ගත්තාම ඇති. අහිංසක කම්කරුවෝ මේ පාරත් රැවටෙනවා...!
මෙයාගේ ජනාධිපති සිහිනයට ලංකාවේ තේ කර්මාන්තය බිලි දෙන්නයි හදන්නේ...!
වතු අයිතිකරුවන් තම සමාගම්වල නිෂ්පාදන නැවැත්තුවොත් මොකද වෙන්නේ? ඒ ගොල්ලෝ ඇති තරම් දැන් උපයාගෙන අවසන්. මේ හරකාගේ කතාවට වතුකරයේ අය රැවටුණොත් ඔවුන්ගේ රැකියාවල් අනතුරේ. මට හිතෙන්නේ එහෙම වුණොත් මේ බැංකු හොරා මේවා එයාගේ නෑදෑයින් ඉන්න ඉන්දියාවට පවරයි...
මේ අයව අංගොඩ පිස්සන් කොටුවට ගෙනියන්න ඉක්මනටම.., එහෙම නැත්නම් මුව මස් කඩේට තමයි දක්කන්න වෙන්නේ...
මේ රනිල් ඉතිහාසයේ කවදත් හාම්පුතුන්ගේ පැත්තේ සිටිය මිස වැඩ කරන ජනතාව පැත්තේ සිටයේ නැත. මේකට හොඳ උදාහරණ කිහිපයක් තියනවා. ඊයේ රාජ්‍ය බැංකුවලට පොලු දාපු තමාගේ දේශපාලන හිතවතුන්ගේ ණය බොල් ණය ලෙස කපා හැරිලා සහ ගෝඨාභයගේ සීනි බදු වංචා, එම හාම්පුතුන්ගෙන් නැවත අය කරලා, ජනතාවට ලබාදෙන ලෙස විගණකාධිපති නිර්දේශ කරළත්, අද වෙනතුරු මේ රනිල් ආණ්ඩුව ඒක කරලා නැහැ...