
(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කළේය.
ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.
මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.
මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.
එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.
රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහබැංකු වාර්තාවල තියෙන දේ කියන්නේ...!
සිංහල ජාතියට නොකා නොබී හරි ඉන්න තැනක් හදා ගන්න රාජපක්ෂ කල්ලියට බලයට ගෙනාවා. අන්තිමට ඔවුන් සිංහල ජාතිය වඳ වෙන තැනට වැඩ කළා...
ජීවන වියදම් වැඩි, රට දාලා යන එක තමයි ප්‍රයිමරි ටාගට් එක වෙලා තියෙන්නේ...!
සිංහල, දෙමළ මුස්ලිම් වගේ විස්තර වශයෙන් කිව්වා නම් තව වටිනවා...!
ඔන්න ශ්‍රී ලාංකීය ජාතියක් ලෙස අප සිටින තැන සහ අපට අත්වෙමින් තිබෙන ඉරණම...!
දුරාචාරය වැඩිවන තරමටම ජනගහනය අඩුවෙනවා. මේකයි බටහිර රටවල සිදුවෙලා තියෙන්නේ...
රට අතහැර යන විදියට ඔයින් නතර වුනොත් ලොකු දෙයක් !
JVP එකේ මැයි දිනේට ගිහිල්ලා
අපේ පොහොට්ටුවේ ආන්ඩුවක් ආවාම ආයේ ජනගහනය වැඩිවේවි...!
හේතු:- ආර්ථික ප්‍රශ්ණ හමුවේ එක් යුවලක් තනි දරුවකු පමණක් බිහි කිරීම, දික්කසාද වැඩිවීම, තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, බොහෝ සෙයින් වැඩිවීම LGBTQ ප්‍රජාව තරමක් දුරට වැඩි වීමක් පෙන්නුම් කිරීම තවත් අවුරුදු 20කින් තරුණ ප්‍රජාව 50% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරයි...
සමහර ගම්මාන, නගර තියෙනවා කලින් විදියටම එක පවුලේ 7,8 10 ඉන්නවා පාරක යන්න බෑ ජනයා, තවත් ගම්මාන තියෙනවා පාරක් අහගන්න එකෙක් ගෙදර නෑ ,දෙන්නා වැඩට ගිහින් දරුවා පාසලේ.
මහාචාර්යවරයා මාධ්‍යවේදියෙකු වීමට වඩා වැදගත් දෙයක් නොවන බව පෙනෙන්නට තිබුණි!