
( හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
රුපියල් ලක්ෂ අටක මුදලකට වාලම්පුරි දෙකක් අලෙවි කිරීම සදහා පුත්තලම පාලවිය ප්‍රදේශයට පැමිණි සැකකරුවෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් අත් අඩංගුවට ගැනිමට සමත් වී තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ වරාකාපොල බුලත්කොහුපිටිය ප්‍රදේශයෙ පදිංචි 22 හැවිරිදි තරුණයකු බව කියයි.
අජීවී බෙල්ලෙකු බලපත්‍රයක් නොමැතිව සන්තකයේ තබා ගැනිමේ වරදට අදාල සැකකරු අත් අඩංගුවට ගෙන තිබු අතර ප්‍රශ්න කිරීමේදි මෙම සැකකරු පවසා ඇත්තේ තම මව්පියන් විසින් වසර ගනනාවකට පෙර කොළඹ ප්‍රදේශයෙදී මිලදි ගෙන නිවසේ තබා තිබු බවයි.
කෙසේ වෙතත් වාලම්පුරිය සමග අත් අඩංගුවට ගැණුන සැකකරු අද පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හක්බෙල්ලාගෙන් වැඩක් නැති බව තේරුම් ගන්න, මේක අල්ලාගෙන පොලිසිය වැඩ පෙන්වනවා... ගන්න මෝඩයින් ගනීවි ඔවුන්ගේ අහුවිලි වලට මොකටද පොලිසිය හරස්වෙන්නේ? ගංජා කුඩු, අවි ආයුධ අල්ලන්නකෝ...!