(අංජුල මහික වීරරත්න)
අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අනිත් අය එපා කියපු ආණ්ඩුවක් තමා ඇතුළු කණ්ඩායම විසින් බාරගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
ආණ්ඩුව කිසි විටෙක බෙදෙන්නට අවශ්‍ය නැති බව කී ජනාධිපතිවරයා දැන් සියලුදෙනා එකතුවී ඉදිරි වසර දෙක තුන තුළ හොද ආර්ථිකයක් ගොඩනඟා තරුණ පරපුරට හොද අනාගතයක් නිර්මාණය කර දිය යුතු බවද පැවසීය.
ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම ආණ්ඩුව අපේද ? හොරුන්ගෙන් හොරෙක් කොල්ල කෑ ආණ්ඩුව මේක.හොරු මේක අතහැරලා ජනතාවට කැමති ආණ්ඩුව පත්කරගන්න අපිට ඉල්ලන්න වෙලා තියෙන්නෙත් මහ හොරාගෙන්මයි.ඉඩම් අයිතිය මොකටද රටේම අයිතිය පාවාදී තිබෙන කොට?
අරුම පුදුම වැඩ සිදුවෙන, අරුම පුදුම මිනිස්සු ඉන්න, අරුම පුදුම පාලකයන් සිටින සහ ඉන්න රටක, තියෙන්න ඕනා අරුම පුදුම ආණ්වඩුක් හැර වෙන මොකක් ද?
මේ මනුස්සයා කියන බොළඳ කතා... කවුරුවත් එපා කිව්වා, මම ගත්තා කියන ඕක සෙල්ලම් බඩුවක්ද? නිල බලයෙන් දෙන්න ඕන අය ඉන්දෙද්දි,
ඔව් අපි කලින් ම දන්නවා. වල පයයි ගොඩ පයයි තියාගෙන රටම විකුණන බව..
මේක අරුම පුදුම කතාවක්නෙ? දන්න තරමින් එක්කෙනෙක් අන්තිම මොහොතෙ හරි ලියුමක් ලියල ආණ්ඩුව භාර ගන්න කැමතියි කිව්වා. අනිත්කෙනා එයාට ඉන්නෙ 3 යි, සහයෝගය දෙනවනම් භාර ගන්නව කියල ප්‍රසිද්දියේ කිව්වා. මොකාද එතකොට භාර ගන්න බැහැ කිව්ව කියල හැමදාම මතුරන්නෙ?
අපි නම් දන්නා තරමින් කවුරුවත් මෙයාට ආණ්ඩු බාරදුන්නේ නැහැ... ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු ඩලස්ව ඔහුගේම පක්ෂයේම මැදමුලන සෙට් එක එක්ක හොර ඩීල් දාලා පරද්දලා තමයි සූත්තර පුංචා ඡන්දෙන් දින්නේ...!
අරුම පුදුම කතා කියන්න එපා අප්පුහාමි. 1977 ඉඳල රට කෑව මඳිද බං? දැන්වත් වැලිකඩ බෝඩිමට පලයන්කෝ.
ඒ අය ඛෑ කීවේ අර කට්ටිය රකින්න අකමැති නිසා.
සහතික ඇත්ත .රටෙන්ම ඡන්ද ලක්ෂ 3ක් වත් ගන්න බැරුව කුල්ල කුජීත වෙන්න පරද්දලා ජනතාව ගෙදර යැව්ව එකෙක් රටේ නායකයා වෙනවා කියලා අරුම පුදුම දෙයක් තමා .
බොරු කියන්න එපා... ඔයා බාර ගත්තේ නැහැ. වැලේ වැල් නැතුව ඉන්නකොට රාජපක්ෂ පවුලේ ඔයාගේ මිත්‍රයා ඔයාට බාර දුන්නා. ඒ බාර දුන්නේ ඒ මිත්‍රයාටයි පවුලේ උදවියටයි ඔයා ඉන්නකම් කරදරයක් නැතිව ඉන්න පුළුවන් කියලා දන්නා නිසා..
එකෙන්ම ඇත්ත මේ වගේ අරුම පුදුම ආණ්ඩුවක් ලෝකයේ කොහේවත් නැතිව ඇති. ලෝකයට ණයවෙලා ණය ගෙවන්නේ නැති තියෙන දේවල් විකුණලා කන රටක්...
කොටිය, කවද්ද අර තුන්දෙනාට වැන්දෙ අගමැති කම් ගන්න කියල? රාජපක්ෂ කල්ලිය රනිල්ටහැර වෙන කෙනෙකුට මේක කරන්න ඉඩ දෙයි කියල හිතනවා නම් මොලේ බලවගන්න