
(යොහාන් භාසුර)
මෙරට කීර්තිමත් මහාචාර්යවරයකු වන ඇමෙරිකාවේදී අභිවප්‍රාප්ත මහාචාර්ය නලීන් ද සිල්වා මහතාට පැන් වඩා පිං පැමිණවීමේ පිංකමක් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී අද (5) පස්වරුවේ පැවැත්විණි.
එම වැඩසටහනට භික්‍ෂූන්වහන්සේ, මහාචාර්ය නලීන් ද සිල්වා මහතා පවුලේ ඥාතීන් සහ දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු ද සභාගි වී සිටියහ.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සසර දුකින් මිදී මතු භවයක නිවන් අවබෝධය ලැබේවා
ගෝඨාභයත් නඩත්තු කරන්නේ රජයේ සල්ලිවලින් නේද? ඒකත් පිනක් තමයි.
ශ්‍රී ලංකාව විසින් බිහිකරන ලද විශිෂ්ටතම චින්තකයෙක් වන එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...
ජීවත්ව ඉන්නකාලේ සතපහකට ගනන් ගත්තෙනෑ . මැරුණට පස්සෙනෙ මහාචාර්ය නලීන්ගෙ වටිනාකම ගැන හැමෝම කතාකරන්නෙ.මේක්‍රමය දැන්වත් වෙනස්කළ යුතුයි.
ආගම, ජාතිය අවුලුවන දේශනා වලින් රාජපස්සලාට කඩේ ගියා. ලංකාව උතුම් කියලා, අනිත් අයට මෙහෙ ඉන්න කියලා, මිනිහාගේ දරුවෝ පිටරට යැව්වා. මෙයාගේ ජාතික වාදය අනුව ජීවත් වෙන්න ගියා නම් බිරිඳටයි, දරුවන්ටයි යන්න වෙන්නේ ඇමරිකන් නෙවෙයි අංගොඩ...!
මයිනාට කඩේ ගිය කෙනෙක්...!
එතුමාට කරන්න තිබුණු මහම නිග්‍රහය නින්දාව කලේ ඔය රාජපක්ෂලා අයියලා මල්ලිලා දරු මුනුපුරු පරම්පරාවේ කට්ටියයි. මොකද යම් විශ්වාසයකින් මොවුන් වෙනුවෙන් යම් දිනක කතා කලේ මොවුන් රටට යහපතක් කරාවි යන අවංක අහිංසක විශ්වාසයෙන්. අන්තිමේදී හොරකම, වංචාව පිරුණු තම පවුල් හිතවතුන් සමග මේ රට මේ තරම් පහත් තත්වයකට පත් කලේ මොවුන් නිසා සහ අන්තිමට එතුමාගේ ප්‍රතිපත්තිවලට සහමුලින්ම පටහැනි මිනිසෙකුට මුළු රටම බාරදීලා ඔහු ඉදිරියේ දණින් වැටී රට කරගෙන යමින් තමන්ගේ පැවැත්ම රැකගන්න මොවුන් ක්‍රියාකරපු නිසා තමයි එතුමාට දීපු තානාපති කමත් පැත්තකට දාලා එතුමා මොවුන්ගෙන් සදහටම වෙන්වෙලා යන්න ගියේ...
මහාචාර්ය නලින් ද සිල්වා මහතාට නිවන් සුව ලැබේවා! නලින් ද සිල්වා යුග පුරුෂයාත් ගැන පළවන පෝස්ට් බැලුවම මට හිතුනේ මෙතරම් මහා බුද්ධිමතෙක් මහා ප්‍රාඥයෙක් පවා තරුණ කාලයේ දී මාක්ස්වාදය ඔළුවට දාලා බුදු දහමින් ඈත් කරන්න ඔය මාක්ස්වාදය ගැන කතා කරන හිස් මිනිසුන්ට පුළුවන් වුණා නම් අනිත් සාමාන්‍යයෙන්ම මිනිසුන් ගැන කවර කතාද? මැදිවියට පත්වුණු පසු සෑම දෙනෙක්ම පාහේ සත්‍ය තේරුම් ගත්තත් අපේ රටේ නිදහසින් පස්සේ බිහිවුණු ඉගෙනුමක් බුද්ධියක්, ඇති යම් වැඩක් කළ හැකි තරුණයන්ගෙන් වැඩි ප්‍රමාණයකගේ සමාජවාදය ඔලුවට දාලා බුදු දහමට, ජාතියට විරුද්ධ කරලා බුදු දහමට අපේ සංස්කෘතියට හා රටේ ආර්ථිකයට කොතරම් විනාශ කරන්න ඇත්ද? ඒ විදියට බැලුවාම අපේ රට මේ විඳින කරදර ජාතික ප්‍රශ්න සියල්ලටම වැඩිම දායකත්වයක් දක්වලා තියෙන්නෙ ඔය සමාජවාදී හැතිකරය...
මෙතැන ඉන්න පිරිස දෙස බැලුවාම පේනවා ඔය පුද්ගලයා ජීවත් වෙලා සිටිද්දී මේ රටට කරලා තියන වින්නැහිය... කොහොමත් ඉතින් ලංකාවේ පිදිය යුත්තන්ව වල දමලා, වැළලිය යුත්තන්ට පුදනවනේ... මට තවමත් හිතාගන්න බැරි, ඇමරිකාව ඇලජික් වෙලා හිටිය මේ පුද්ගලයා, ඔහුගේ දරුවන්වත් ඇමරිකාවේ පදිංචි කරවලා, ඔහුත් ඇමරිකාවේ පොළොවේම මිහිදන් වුණු එකනේ... මේවාට තමයි කියන්නේ දෛවයේ සරදම් කියලා... ශ්‍රී ලාංකික අඥාන මිනිසුනේ දැන්වත් තේරුම් ගනිල්ලා, තක්කඩියන්ගේ කටින් පිටකරන දෙය, ඔවුන්ගේ ක්‍රියාවේ නොමැතිකම... ඔවුන්ගේ වචන වල ඇත්තේ පොලොන් විෂ පමණයි!!!
මංජුල ප්‍රදීප්, වල්ගෙ පෑගිලාද ?එතුම කොහේද මාක්ස්වාදී උනේ? රාජපක්ෂල වන්දනාවේ ගිය එකනෙ කලේ, ජාතිවාදය ආගම්වාදය කරේ ගහගෙන රාජපක්ෂලගෙ චන්ද ගොඩ වැඩි කලා, මාක්ස්වාදී අය කවදද ජාතිවාදි ආගම්වාදි වුනේ නොන්නා උනාට ඒබව පෙන්වන්න එපා ප්‍රසිද්ධියේ.
බටහිර විද්‍යාවට බැන බැන ඇමරිකාවටබැන දොස් කියා ඇටකටු ටිකත් ඇමරිකන් පොලොවෙ දාන්න උනා නේද? රාජපක්ෂලගෙ අතින් දූෂණය වුන තවත් කන්‍යාවක් මේ.මේ අවමඟුල් සභාවේ ඉන්න ගිහි පැවිදි අනිත් අයත් මේක වෙන බව දැනගන්න.
බුදු අම්මෝ! ඇවිල්ලා පින් අනුමෝදන් කරන්න තමාගේ වැසිකිලි කම්කරුවා වෙනුවෙන්. මේ පාපතරයින් එතරම්ම රැස්කළ කුසල් සම්භාරයක් තිබෙනවද? අනුන්ටත් දෙන්න තරම්?
සෙනෙවිරත්න පිස්සෙක් වගේ කතා කරන්න එපා යමක් දැනගෙන කතා කරන්න. මහාචාර්යතුමා තරුණ කාලේදී සමාජවාදය වැළඳගෙන තිබුණු බවට සඳහන්ව තිබුණා. හැත්තෑ ගණන් වල ඉඳන් මේ දක්වා ජේවීපයකට වැඩ කරපු, විශ්ව විද්‍යාලය තුළ jvp අදහස් දැරූ ඕනෑතරම් අය පසු කාලයේදී දැනුම් තේරුම් ගන්නා විට සමාජවාදය ප්‍රතික්ෂේප කරන බවට ඕනෑ තරම් උදාහරණයක් දිය හැකියි...