
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනතුරුදායක ලෙස මිනී පෙට්ටි තොගයක් ලොරියක ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බණ්ඩාරගම නගරයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී පානදුර දෙස සිට අන්තරාදායක ලෙස පැමිණි ලොරි රථය නවතා සිදු කළ පරික්ෂාවේදී ඉතා අනතුරුදායක ලෙස මිනි පෙටිටි 50 ක් එක පිට එක පටවා තිබෙන අයුරු දැක ගත හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
බණ්ඩාරගම නගරයේ ආවරණය වන පරිදි යොදා තිබෙන සංඥා පුවරු වලද ගෑවෙන නොගෑවෙන තරමට මෙම මිනිපෙට්ටි පටවා තිබූ බව පොලිසිය කියයි.
එම රථයේ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පානදුර අළුබුමුල්ලේ සිට මූලතීව් දක්වා මෙම මිනිපෙට්ටි තොගය ප්‍රවාහනය කරන බව පවසා ඇත.
අන්තරාදායක ලෙස මිනිපෙට්ටි තොගයක් ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනීපෙට්ටි කොපමණ ප්‍රමාණයක් ලොරියක ප්‍රවාහනය කළහැකිද යන්න නීතියක් තිබිය යුතුයි... එසේ නොමැති නිසා මේ ආකාරයෙන් ප්‍රවාහනය කිසිම සිදුවේ...!
අයියෝ රාළහාමි, ඔය පෙට්ටි ලොරිය වහාම නිදහස් කරන්න. ඔය ඔක්කොම දියවන්නාවට අරං යන්නේ. තව ලොරි කිහිපයක්ම මග එනවා, ඒවත් නතර නොකර ඩබල් එකේ යන්න දෙන්න... පෙට්ටි ඕඩර් එක ඔක්කෝම 226 යි රාළහාමි. ඊට පස්සේ තමයි දියවන්නාවට එන්න බැරිව ගියපාර ගෙදර ඇරපු කට්ටියගේ පෙට්ටි ඕඩර් එක ලෑස්ති කරන්නේ.., එකටත් මේ වගේම සපෝට් එක දෙන්න රාළහාමි !!!
ඔය මිනී පෙට්ටි ඇතුලේ හොරෙන් මළ සිරුරු කීයක් රැගෙන ගියාද කියා පොලිස් නිලධාරීන් පෙට්ටි එකින් එක ඇරලා බැලුවද? ඒවා ඇතුලෙන් මත්පැන්, මත් කුඩු, නීති විරෝධීව මෙරටට ගෙන්වා ප්‍රවාහනය කල භාණ්ඩ කොතරම් පොලිස් භාරයට ගත්තාද කියා රට වැසියන්ට... තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයිතියක් තිබෙනවා නොවේද?
මේ තරම් දුර මිනි පෙට්ටි ගෙනියන්න කිසිම අවශ්‍යතාවයක් තිබෙන්න විදියක් නෑ. අනිවාර්යයෙන්ම මේකෙ යම් කිසි සැකකටයුතු යමක් තිබෙනවා. ඇතුලේ මත්ද්‍රව්‍ය තිබෙන හැඩයි. පොලිසිය නැවතීමම ලොකු දෙයක්.
ඕකෙ වියදමත් මිනියට ඇඩ්කරනවා. ඒකත් අපිට තමයි කරදරේ...!
වීරකෝන් යනු වඳව යන සත්ව කොට්ඨාසයක අන්තිම පුරුකකි. හැමදේටම ජවිපෙ ඈදාගෙන කතා හදන මොහු ජවිපෙ වැසිකිළි සෝදන්නා විය යුතුයි
මිනීපෙට්ටි නැතිව කාටවත් එලොව යන්න බැහැ, ඕව අඩු වියදමට හදල අඩු වියදමින් ප්‍රවාහනය කලොත් තමයි කාටත් අඩු මුදලට ගන්න පුලුවන් ,මෙතන වෙන්නෙ ඒකයි. ඕක මහ වීර කමක් නෙවෙයි හරියට බැඳගෙන යන්න කීව නම් ඉවරයි.