(සුජිත් හේවාජුලිගේ )
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් මවුපියන් බිළිඳු දරුවන් වෙනත් පුද්ගලයන්ට දරුකමට හදා ගැනීම සඳහා ලබාදීම වැඩිවී ඇතැයි වාර්තාවේ.
සාමාන්‍යයෙන් වසරකදී දරුවන් 1700ක් පමණ එසේ දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබා දෙන බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්)නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.
ඉන් දරුවන් සැලකිය යුතු පිරිසක් ලබාදි ඇත්තේ විදේශිකයන්ටය.
මවුපියන් දරුවන් වෙනත් පුද්ගලයන්ට ලබාදීමේදී ඒ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ලබාදිය යුතුවේ. මෙම කරුණු පෙනී ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති තොරතුරු විශ්ලේෂණයේදීය.
ආර්ථික ප්‍රශ්න, අනියම් සබඳතා වැනි සමාජීය ප්‍රශ්න දරුවන් දරුකමට හදා ගැනීම සඳහා වෙනත් පුද්ගලයන්ට ලබාදීම වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බව සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.
එසේම රටේ ගබ්සා කිරීම්ද සැලකිය යුතු ලෙස වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර බටහිර රටවල මෙන් ලංකාවෙත් ගබ්සාව නීතිගත කරන්න
මෙහෙම විදේශ ගතවෙන දරුවෝ වැඩිවියට පත්වුණා ම සත්‍ය අම්මා සොයාගෙන එනවා. එවිට ඔවුන්ට සත්‍ය මව සොයාගන්න රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යම් පියවරක් සකසනවා නම් ඉතින් වටිනවා.
රට රකින අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා...