( ෂේන් සෙනෙවිරත්න )
මහනුවර ප්‍රධාන පෙලේ ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයකදී කාන්තාවකගේ මුදල් පසුම්බියක් සොරකම් කළ බව කියන පොලිස් කොස්තාපල්වරියක මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
මුදල් පසුම්බියේ හිමිකාරිණිය ඉකුත් අප්‍රේල් මස 09 වැනි දින අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයට ගොස් මුදල් පසුම්බිය ඇතුළත් අත්බෑගය පසෙක තබා ඇඳුමක් පරීක්ෂා කොට නැවත අත් බෑගය අතට ගන්නා අවස්ථාවේදී එහි තිබූ මුදල් පසුම්බිය නොමැති බව දැන ගැනීමෙන් පසු මහනුවර මූලස්ථාන පොලිසියට පැමිණිලි කොට තිබේ .
එහි අපරාධ අංශය මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු අදාල ඇඟලුම් අලෙවි මධ්‍යස්ථානයේ ආවේක්ෂණ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් පසු කිසියම් කාන්තාවක් විසින් අත්බෑගය විවෘත කොට මුදල් පසුම්බිය සොරකම් කරන ආකාරය එහි සටහන්ව තිබෙන අයුරු නිරීක්ෂණය වී තිබේ .
ඒ අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව සිදුකළ විමර්ශනවලදී ඇය පුජාපිටිය පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරියක බවට හඳුනාගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් හිමිකාරිය පනින රිලවුන්ට ඉනිමං බැදලා කිව්වොත් නිවැරදියි. වෙළඳසැලකට යනවිට ගෙනයන්න දෙන්නෙ මුදල් පසුම්බිය හා අත්බෑගය පමණයි. එහෙම කරන්නෙ ඒක ආරක්ෂා කිරීමට බැරි දෙයක් නිසා තමයි සල්ලි දෙයියන්ගේ මල්ලි නිසා කුමන තනතුරක් දැරුවත් ඕවා කරන්න පෙළෙඹෙනවා. මතකනේ සුනාමි අනාතයින් සදහා ලෝකයේ හතරවටෙන් ලැබුණු මුදල් වලට වුනේ මොකක්ද කියලා. ඊලඟට මෑතක දී සිදුවූ එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් සිදුවූ අලාභය අදාල අයට ලැබුනද? නැහැනේ ඒවත් ඉතින් ඔය කොස්තාපල්වරිය කලදේට වෙනසක් නැහැ
වැටත් නියරත් ගොයමත් කෑ නම් කාට මේ ගැන කියමුද?
දේශපාලුවෝ එළිපිටම පොකට් ගහන, ත්‍රස්තවාදයට උදව් කරපු කෙනෙක් ඇමතිකම දරන රටක ඕකත් කජ්ජක්ද ?
පොකට් ගැසීම පිළිබදව පොලිස් අභ්‍යාස ආයතනයේ උගන්වන කෝස් එකට වැඩිම ලකුණු ගත්තේ මෙයාලු.
කවද්ද පොලිස් කාරයෝ හොඳ දෙයක් කළේ...? ඔවුන්ගේ ඉපදෙන ළමයි පවා වන්දි ගෙවනවා...
පොලිස් ලොක්කෝ පාතාලෙන් හා කුඩු මුදලාලිලාගෙන් කෝටි ගණන් ගන්න රටේ මේ කාන්තාව කරලා තියෙන්නේ පොඩි වරදක්. පහත් තැනින් වතුර ගලා යනවා වගේ මෙතැනත් වෙන්නේ...!
ඇත්තටම කණගාටු දායක පුවතක්, අද ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින ධරිද්‍රතාවය පෙන්නුම් කරන ඉතාම කනගාටුදායක සිදුවීමක් ! මේ තැනැත්තිය කුමණ රැකියාව කළත්, ඇයගේ ගෙදර සිටින දරුවන්ගේ බඩගින්නට, අධෝනාවට වෙන මොනවා කරන්දද?? දඩුවම් කිරීමට පෙර ගරු අධිකරණය හෝ සානුකම්පිතව තීරණයක් ගනීනම් සැනසීමට කරුනක් !! සහෝදරිය මගේ කණගාටුව !!!
ඇත්තටම කණගාටුයි, රැකියාව කුමක් වුවත්, අද ශ්‍රීලංකික මධ්‍යම පාන්තික ජනතාව අත්විඳීන සෝචනීය තත්වය පෙන්වා දෙන අපූරු කැඩපතක් !! ගෙදර සිටින තම දරුවන්ගේ අධෝනාව තත්ත්වයට වඩා බල්වත් !! චෝදනාව කුමක්වුවත් ගරු අධිකරණය සාධාරණයක් කරයි නම් ලොකු සතුටක් !!!