(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
වේයන්ගොඩ ප්‍රදේශයේ මහා විද්‍යාලයක දහවැනි ශ්‍රේණියේ සිසුවකුගේ පිහිපහරින් තුවාල ලැබූ නව වැනි සිසුසුවෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය කියයි.
සිසුන් දෙදනාම එකම සිසුවිය සමඟ ඇතිකරගෙන තිබු ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් ඇති වු ආරවුලකදී මෙම පිහි ඇනුම සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව පොලීසිය පවසයි.
සිසුවියගේ අනෙක් පෙම් සබඳතාව පිළිබදව දැනගත් දහවැනි ශ්‍රේණියේ සිසුවා පාසලේදී සහ පාසල නිමවීමෙන් අනතුරුව පාසල ඉදිරිපිට දී ද නවය ශ්‍රේණියේ සිසුවාට පහර දී ඇති බවත් විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි .
පිහි පහරින් උරහිස ප්‍රදේශයට තුවාල සිදුවූ සිසුවා පසුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශරීර මාංශ වලට පෙම්බදිමින් පෙම්හබ පටන් ගත්තම මෙහෙම වෙනවා.
ගහක්, ගලක් ගානේ දේවාල, පල්ලි, පන්සල් හැබැයි, උදේ... හවස ඇහෙන්නේ කැපුව, කෙටුව, මැරුව කියන පුවත්ම තමයි.