(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ආසියාවේ වැඩිම වීසා ගාස්තු අය කරන රට බවට පත්ව ඇතැයි මෙරට සංචාරක සේවා සපයන ආයතන පවසයි.
ඩොලර් 52 ක්ව පැවැති මෙරට ඔන්ලයින් වීසා ගාස්තුව ඩොලර් 75 ක් දක්වා වැඩි කර එයට ඩොලර් 18.5 සේවා ගාස්තුවක් සහ ඩොලර් 7.27 ක පහසුකම් ගාස්තුවක් ද අය කරන බවත් ඒ හේතුවෙන් මෙරට සම්පූර්ණ වීසා ගාස්තුව ඩොලර් 100.77 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම ආයතන වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවන්ට , නිලධාරීන්ට දෙන්න ඕන කප්පම් එක්ක ගාන වැඩි වෙනවා
අන්න එහෙමයි අපි සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ.
අපි පෙරදිග මුතු ඇටය නේ. ඒකයි වීසා ගාස්තු වැඩි.
යන යකා කොරහත් බිඳගෙන යන්න හදන්නේ.
යුක්තියා කැබිනට් එකට එන්න කලින් ලෝකෙටම පොලුතිබ්බ කම්බා හොරෙක්...! මෙයා මේ ඉන්න ටිකේ, ගාන කපාගෙන කොරහත් බිඳගෙන යන්න හදන හොරෙක්. මෙයාගේ තාත්තා ගේට්වේ එක හැදුවේ, රජයේ සේවක විදුහල්පති පඩියෙන්ම කියලද හිතන්නේ...?
වීසා එක දෙන්නත් ඉන්දියන්කාරයොන්ට දෙන්න ලැජ්ජා නැද්ද?
වීසා ගාස්තු වැඩි වුණාම විදේශිකයෝ එන එක අඩු වුණානම මට මොකො?
කාබනික පොහොර භාවිතයට ගත් ක්ෂණික තීරණය, ව්‍යාජ අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් වගේ ගත්තු තවත් සුපිරි සාමූහික කැබිනට් තීරණයක් .
ලංකාව ට සංචාරකයන් එවනවද නැත්ද එවන්නේ කවුද කියල තීරණය කරන්නේ ඉන්දියාව .
දැනගන්න ඇති ආකාරයට රනිල්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට VFS Global ආයතනය රු කෝටි 10 ක් දෙනවලු. ඒකට සැලකීමක් ලෙස වීසා කොන්ත්‍රාත්තුව VFS වලට දුන්නලු.
අර පිනට පහල වූ අටවන ජනපති තැපැල් කන්තෝරු ටික විකුණලා හෝටල් ගහන්න හදන්නෙ මේ ටික කරන්නද?
ඉතිරි මාස පහට හම්බකර ගත්තු දෙයක් තමයි කියලා ආණ්ඩුවේ මැති ඇමැති කල්ලිය දැන් තේරුම් අරගෙන ඉන්නේ...