
(පුෂ්පකුමාර මල්ලවආරච්චි,තිලකරත්න දිසානායක සහ ආනන්ද ඊ ජයකොඩි)
ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා 4 පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති .
වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.
මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසී වූ සඳහන් කරති .
මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා මෙසේ පැවසීය.
මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළේ. දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හිතාගන්න පුළුවන් ද මධ්‍යම අධිවේගයේ අනාගතය.
මේ සංකේතවත් වන්නේ, වර්තමාන දුර්දාන්ත රජයේ ඉරණමයි.
මුකුත් කියන්න එපා. ඔය කොටස හදන්නෙ දයාගේ දේශීය සමාගමක්.
පාලමට අධිපති රාක්ෂයාණනි... ඔබට නැරඹිලි අවශ්‍යම නම් මේ එදාවේල කන්න නැති අපිව නොකා අර ඔක්සිජන්කාරයා බිලිගත්තා සේම, පාලමෙන් කොමිස් ගැසූ හොරකම්කළ පාපතරයින්ම පවුල් පිටින් වනසාලනු මැනවි.
බොහෝ කලකට පෙර පේරාදෙණියේ එකසිත් ඇති මහත්වරු පාලම හදන්නට ගත්තේ කියලා විහිලු කවියක් අහල තියෙනවා. ඉතින් ඔය පාරත් පේරාදෙණිය පැත්තට යන පාරක් නිසා ඒ කවිය සිහියට ආවා ඉතින් ඔය පාඩු කොන්ත්‍රාත් කර විද ගන්නවාද නැත්නම් ජනතාව වෙතට යොමුකර පාඩුව වසාගෙන කනවද කියලා කියන්න.
දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි
ගුල්ලො ගහපු යකඩ දාලා හදන්න ඇත්තේ.
හොඳ වෙලාවට ව්‍යාපෘතිය තාවකාලිකව හෝ අතරමඟ නතර වුණේ, මේ වෙනකොට වැඩ නිම කරල විවෘත කරල තිබුණනම්?
2021-22 සාදා වැඩ නිමකලේ නැති නිසා කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්න බෑ... නිසි ප්‍රමිතියෙන් තොර අමු ද්‍රව්‍ය (යකඩ සිමෙන්ති) නිසා මෙවන් තත්වයක් උදාවෙන්න පුළුවන්. වගකිව යුතු අයට දඩුවම් කළ යුතුයි...
එම බාල්කය කැඩුනේ පැත්තට පෙරලුණ නිසයි. අපට වෙන වරදක් පෙනෙන්නෙ නැත.
ශතවර්ෂ එකහමාරකට පෙර සුද්දා සැදූ පාලම් සිහිපත් වෙනවා. වසර 150ක් ගිහිල්ලත් ඒවා සවිමත්ව තියෙනවා.
ආශ්චර්යය...!
අති විශාල පොලියකට ණයක්... චීනාගෙන් අරගෙන හදපු මේ වැල් පාලම උඩින් වාහන යන්න ඉස්සර කඩා වැටුණු එක ජාතියේ වාසනාවක්...
මම නම් හිතුවා කවදාහරි කඩා වැටෙයි කියලා, දිගින් වැඩි අඩු ප්‍රමිතියේ කොන්ක්‍රීට්...!
සිමෙන්ති වලට පාන්පිටි කලවම් කරලා දාන්න ඇති...
ඒක කැඩුණු පාඩුව නෙවෙයි, අනෙක් ඒවා ගැන කව්ද සහතික දෙන්නේ? ඕවා කැඩුනොත් ජීවිත හානි සුලු පටුද? කො මේ කොන්ක්‍රීට් සංවර්ධනයට ඇස් නිලංකාර වෙලා හොරු රකින සෙට්එක...
ලෙවල් එකට තියෙන මතුපිටක ඕක පසෙකට පෙරලෙන්නේ හුළඟටද? නැත්නම් භූම්කම්පාවක් වෙලාද? කඩන් වැටීමට පෙර පැත්ත වැටුණාද වැටුණු පසු පැත්ත වැටුණාද කියලා කොහොමද කියන්නේ? මිනිහෙකුට ඕක පෙරලන්න පුළුවන්ද? අපිට නොවැටහෙන එකයි...
බාල්කයේ පලල් පැත්ත සිරස්ව තිබිය යුතුයි. ඒත් එය තිරස්වූ පමණින් කඩා වැටේ නම් කොන්ක්‍රීට් සහ කම්බිවල ප්‍රමිතිය අවුලක්, වසර තුනයි බර දැරීමටත් පෙර, අර මහත්මයා කියන විදියට මේකෙ වැඩ නිම කළාම කොන්ක්‍රීට් වෙරගැන්වෙනවාද?