මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 01 January 2024
මුන්දලමේ අනතුරකින් 10ක් රෝහලට මුන්දලම නගරය ආසන්නයෙ දී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටි සිදුවු දරුණු රිය අනතුරකින් දස දෙනකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කළ බව මුන්දලම පොලිසිය කියයි. 01 January 2024
ලෝකවාසීහු 2024 පිළිගනිති මල් වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන මැද, ලෝකවාසීන් 2024 නව වසර පිළිගත්තේය. සුපුරුදු පරිදි, මුලින්ම, නව වසර සැමරූ ප්‍රධාන රාජ්‍යයක් වන්නේ නවසීලන්තයයි. 01 January 2024
සැමට සුභ නව වසරක් වේවා ලංකාදීප පාඨක ඔබ සැමට සහ ලෝක වාසී සියලු දෙනාට ලබන්නා වූ වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත සුභ නව වසරක් වේවා! 01 January 2024
චීන ජනපති ලෝකයටම සුබ පතයි චීනය තම සංවර්ධනය පමණක් නොව ලෝකය සක්‍රීය ලෙස වැළඳ ගන්නා විශාල රටක් ලෙස සිය වගකීම් හා යුතුකම් දරමින් සිටින් බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2024 නව වසර වෙනුවෙන් ලෝකවාසීන් වෙත සුබ පැතුම් පිරිනමමින් පවසයි. 31 December 2023
පෞද්ගලික අරමුණු ජයගන්න නම් මව්බිම ගැන සිතන්න සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහලට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 December 2023
ලුණුගල පවුල් 110 ඉවත් කරයි වර්ෂාවත් සමඟ නාය යාමේ අවදානමක් හේතුවෙන් ලුණුගල හොප්ටන් වත්ත පරණ කර්මාන්ත ශාලා බී කොටසේ පදිංචි පවුල් 110ක සාමාජිකයන් 300ක් පමණ අද (31) රාත්‍රි මීට සුළු මොහොතකට පෙර ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ලුණුගල පොලිසිය පවසයි . 31 December 2023
පාන් - බනිස් මිල වැඩි නොවේ රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 31 December 2023
ගඟේ දේවොල යටවේ පවතින මහා වැසි හෙතුවෙන් මැණික් ගගේ ජලය පිටාර ගැලීම නිසා සෙල්ල කතරගම ගණපති කෝවිල ජලයෙන් යටවිය. 31 December 2023
මුරුන්කන් පාසල් ගුරුවරයකු කුඩු සමග මාට්ටු මුරුන්කන් ප්‍රදේශයේ පාසලක කෘෂිකර්ම විෂය හදාරන ගුරුවරයකු මත් කුඩු ග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. 31 December 2023
ලිට්රෝ ගෑස් මිල කලින් වැඩිවෙයි ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ සිට ක්‍රියාත්මක කරනු ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (31) පස්වරුවේ පැවසීය. 31 December 2023
සෝමාවතියේ හිමිවරු 5ක් ඇතුළු 80 ක් ආරක්ෂිත ස්ථානවලට අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීවුවත් එහි වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ ඇතුළු ආරක්ෂක අංශවල 75 දෙනෙක් ආරක්ෂාව සහිතව එහිම රැඳී සිටිති. 31 December 2023
රජයේ ඉඩම් අක්කර එකොළොස් දාහක් හොර ගොඩ ගිහින් රජයේ වැවිලි ඉඩම් 54ක අක්කර 11900ක් අවභාවිතවී ඇති බව විගණන වාර්තා අනාවරණය කර ඇතැයි වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 31 December 2023
ඖෂධ වංචාවට කෙහෙලිය රකින්න අත ඉස්සූ 113ත් වගකිව යුතුයි ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 31 December 2023
ඇති තරම් පොල් කන්න සැලසුමක් හදයි මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි තෙවසර ඇතුලත ගෙඩි මිලියන 1000ක් දක්වා ඉහල නැංවීමට වැඩ පිලිවෙක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 December 2023
ප්ලේන්ටි - කිරි තේ මිලත් ඉහළට ප්ලේන්ටිය සහ කිරි තේ ඇතුළු කෙටි ආහාරවල මිල වැඩි කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනයශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පැවසීය. 31 December 2023
ඇළකින් බිලිදු සිරුරක් හමුවෙයි මකල්දෙණිය වයිමුඩුක්කුව හංදිය අසල දිය ඇලක රැදී තිබි බිළිදු මළසිරුරක් සොයාගත් බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 31 December 2023
ගුවන් යානයක් පාළමක් යට සිරවෙයි එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් භාවිතයෙන් ඉවත් කළ ගුවන් යානයක් ට්‍රක් රථයක පටවාගෙන යද්දී ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මෝතිහාරි නගරයේ පාලමක් යට සිරවූ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය. 31 December 2023
ගසා තීරයේ දරුවන් ලක්ෂ 9ක් කුසගින්නේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ දරුවන් ලක්ෂ 9 අධික සීතලෙන්, කුසගින්නෙන් සහ ප්‍රමාණවත් පානීය ජලය නොමැතිව පීඩා විඳින බව ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක අශ්රෆ් අල් කුඩ්රා පසුගිය පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 31 December 2023
දුරකථන ගාස්තු ඉහළට වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. 31 December 2023
ගිණිකෙළි ආයතනයක පිපිරීමක් :පියා සහ දරුවන් දෙදෙනා රෝහලේ පිළියන්දල මාවිත්තර කනත්ත පාරේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගිණිකෙළි නිෂ්පාදන ආයතනයක අද(31) දා උදෑසන හටගත් ගින්නකින් එහි හිමිකරු හා ඔහුගේ දරුවන් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි. 31 December 2023
මාතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් උණට බිලි මාතර බන්ධනාගාරයේ පැතිර යමින් තිබූ උණ රෝගය වැළදීමෙන් මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මරණයට පත්වූ බව එම බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් පැවසීය. 31 December 2023
රුපියල් කෝටි 140 ක මත්ද්‍රව්‍ය - දේපළ පොලිස් බාරයට ‘යුක්තිය’ විශේෂ මෙහෙයුමේදී දින 11 තුළ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වෙළෙදපොල වටිනාකම රුපියල් මිලියන 858 ක් හෙවත් කෝටි 85 කට අධික බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතු රුපියල් මිලියන 558.5 ක් හෙවත් කෝටි 55 කට අධික දේපළ පොලිස් භාරයට ගත් බවත් මහජන ආරක්ෂක අමාත්‍යංශය අද (31) පෙරවරුවේ පැවසීය 31 December 2023
වාහන තුනක් එකිනෙක ගැටී දෙකක් රෝහලේ පානදුර හොරණ මාර්ගයේ මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වාහන තුනක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි. 31 December 2023
වල්බූරු නිදහස බොරු සමාජගත කරනවා ලංකාවේ තිබෙන තරු පහේ ප්රජාතන්ත්රවාදය නිසා ඕනෑම බොරුවක් ජනගත කිරීමේ හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 31 December 2023
කොල්ලකෑමට පැමිණි සැරයන් ඇතුළු කල්ලියක් අත්අඩංගුවට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ට පහර දීී ඔවුන් සතුව තිබූ රන්මාලයක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටීස් පොලිස් සැරයෙන් වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි. 31 December 2023
උඩරට මඟේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කළ භාණ්ඩ සහ මගි ප්‍රවාහන දුම්රියක් පිලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන යලි යථා තත්ත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය. 31 December 2023
ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති. 31 December 2023
කුඩු මුදලාලි පොලිසියට බෝම්බයක් ගහන්න හදලා විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවූ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයකු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 31 December 2023
අලුත් අවුරුද්දේ කොළඹට ගෙවල් දහ දාහක් 2024 වසරේ කොළඹ ආශ්‍රිතව නිවාස 10,000 ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 31 December 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026