(ආරියරත්න රණබාහු)

නීති විරෝධී ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව දැනුම් දීම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

එම දුරකථන අංකය වන්නේ 1907 ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දුරකථන අංකය ප්‍රකාශයට පත් කර ඇත.

මේ වන විටත් රට පුරා නීති විරෝධී වෛද්‍යවරු 40000කට වැඩි ප්‍රමාණයක් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි එම සංගමය පවසයි.