
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ බලාපොරොත්තුවන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ආහස වලකුලින් බරව පවතී.
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට දහවල් 12.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර,සබරගමුව. වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd