(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවට හුළුගල්ලේ පොලිස් වෙඩි පිටියට ගිය පොලිස් කොස්තාපල්වරයකු නිකවැරටිය මාගල්ලේගම වැවේ නාමින් සිටියදී සිහිසුන්ව දියේ ගිලී සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇතැයි නිකවැරැටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි ඩබ්ලිව්. එල්. එස්. එම්. මදුශංක (74898) නැමති පොලිස් කොස්තාපල්වරයාය.
කුලියාපිටිය කොට්ඨාසයේ පොලිස් ස්ථාන වල රාජකාරී කරන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සමග මෙම පොලිස් කොස්තාපල්වරයා ද ඉලක්කයට වෙඩි තැබීම සඳහා පුහුණුවීම් ලබාගැනීමට නිකවැරැටිය , හුළුගල්ල ප්‍රදේශයේ පිහිටි පොලිස් වෙඩි පිටියට ගොස් අදාළ පුහුණුවීම් ලබාගෙන ඇතැයි නිකවැරටිය මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd