
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ඓතිහාසික නගරයක් වන කැම්පෝ අලෙවි කිරීම සඳහා ලැයිස්තුගත කර තිබෙන බවත් නගරයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 6.6 ක් බවත් ටොප් ගන් සී.ආර්.ඊ දේපළ වෙළඳාම් සමාගම ප්‍රකාශ කළේය.
දෙවන ලෝක යුද්ධ සමයේදී කැම්පෝ නගරය හමුදා නගරයක් වී ඇති බවත් වර්තමානයේ පුද්ගලයන් 100 දෙනෙකු පමණ නගරයේ ජීවත්වන බවත් ටොප් ගන් සමාගම පැවැසුවේය.නගරය මිලදී ගන්නෙකුට ගොඩනැගිලි 20 ක් පමණ හිමිවන බවත් එම ගොඩනැගිලි අතර මහල් සහ තනි නිවාස මෙන්ම වාණිජ ගොඩනැගිලිද තිබෙන බවත් එම සමාගම ප්‍රකාශ කළේය.
නැවත කැම්පෝ නගරය නගා සිටුවීමට සහ වත්මන් පදිංචිකරුවන්ගේ අවශ්‍යතාවයන්ට ගරු කරන අයෝජකයෙකු නගරය මිලදී ගැනීම යෝග්‍ය බවත් නගරය පිළිබඳ ඉදිරි දැක්මක් තිබෙන ආයෝජකයෙකුට නගරය විකිණීමට මුල් හිමිකරුද කැමැත්තක් දක්වන බවත් එම සමාගම පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දියවන්නාවේ ඉන්න කෙනෙකුට මේ නිව්ස් එක පෙන්නනවාද? හොරකම් කරපු සල්ලි ආයෝජනයට කදිම අවස්ථාවක්...
කපුටාට. හර්ම ලේසියි මේක අරගන්න. හොරා කාපුවා. කප්පම් ගත්තු මුදල් මේ සේරම අරන් යන්නේ... වැඩේ ලන්කාවේ හොරකම් කරන්න. මොලේ තිබුණාට... මල්වානේ හොර ඔප්පු හදලා ගෙවල් හැදුවාට... මේ රටේ. මුදල් දීලාවත් වැඩේ කරන්න බැහැ. ඉන්ග්‍රීසිත් බැහැ. දැනුමකුත් නැහැ.