
(ගයාන් සූරියආරච්චි සහ හිරාන් ප්‍රියංකර)
පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන්දු තෙන්නකොන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී සිදුකෙරේ.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වනාතවිල්ලුව ලැක්ටෝස් වත්ත ප්‍රදේශයේ අලුතින් ඉදිකළ අධිබලැති නව දහන උදුනක් මගින් මෙම මත්ද්‍රව්‍ය තොගය විනාශ කෙරේ.
පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය, නාවික හමුදාව, යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ විසින් පසුගිය කාලවකවානුවේ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව දැනට නඩු කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය තොගයක් මෙසේ විනාශ කෙරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd