
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ (2024) මෙවර ක්‍රීඩක වෙන්දේසියේ කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 75 කට අධික මුදලක් වැයකිරීමට නියමිත බව එම තරගාවලියේ ප්‍රධානී සමන්ත දොඩන්වල මහතා අද (17) පැවසීය.
මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන බ්‍රහස්පතින්දා (21 වැනිදා) කොළඹදී පැවැත්වෙන බවත් එම වෙන්දේසියට සෑම කණ්ඩායම් හිමිකරුවන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 බැගින් ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීය.
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ පස්වැනි අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට 21 වැනිදා දක්වා පල්ළෙකැලේ, දඹුල්ල සහ කොළඹදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd