
(විමුක්ති එස් රුද්‍රිගු)
දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.
දශක ගණනාවක් පුරාවට බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක්වූ දස දහස් සංඛ්‍යාත ජනතාවට අත්වූ ඉරණම හෝ ඔවුන් සිටින ස්ථානය අනාවරණය කිරීමටත් හෙළි කිරීමටත් ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතුයැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම එම බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන්ට වගවීම ලබා දීම සඳහාද ශ්‍රී ලංකා රජය අර්ථවත් ක්‍රියාමාර්ග ගත යුතු යැයිද එම වාර්තාවේ සඳහන් වේ.
එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව මෙම වාර්තාවෙන් නැවත මතක් කර ගෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ප්‍රකාශ කළේය.අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් සහ සමීපතමයන් අතුරුදන් වූ පුද්ගලයන් නැවත පැමිණෙනතුරු දීර්ඝ කාලයක් සිට බලා සිටින බවත් ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට පවුල්වල සාමාජිකයන්ට සහ සමීපතමයන්ට අයිතියක් තිබෙන බවත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඇහේ පොල් පරාල පෙනෙන්නේ නැති හැටි...!
දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදුවේ සමාව ඉල්ලා සිටින ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය වාර්තාවක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ නම් සමානවම LTTE කුඩා දරුවන් සහ ඔවුන් සිදුකළ විනාශයන් සම්බන්ධව සිටි සහ ද්‍රවිඩ ප්‍රජාව දශක ගණනාවක් රැවටූ ද්‍රවිඩ දේශපාලන පක්ෂ සියලු දෙනාද සිදුකළ යුතුවේ. මේ සියල්ල සිදුවූයේ ලංකාවේ පවතින ජාතිවාදී, ආගම්වාදී බලලෝභී දේශපාලනය නිසාවෙනි. එමනිසා මේ සඳහා ලංකාවේ විදේශ තානාපති අංශ විසින් ඔවුන්ටද අවස්ථාවක් ලබාදිය යුතුවේ...!
කොටි බලහත්කාරයෙන් අරන්ගිය අය ගැනයි, යුද්ධයට කැමැත්තෙන් ගිය අයයි, විස්තර සම්බන්ධයෙන් සුමන්තිරන් සුසන්යෝගයෙන් දැනගන්න පුළුවන් රටින් හොරෙන් පැනලා ගිහින් බලවත් රටවල දේශපාලන රැකවරණ ගැනත් ඒ රටවලින් හොයාගන්න පුළුවන්... අපිට පවු නොදී.
මානව හිමිකම් එකට කියන්න එපාද ?
ඔයිට කලින් මිනිසුන් දහස් ගණන් මරණ ඊශ්‍රායෙල් වලට කිව්වා නම් නේද හොඳ පලස්‌තීනයෙන් සමාව ගන්න කියලා...
ගාසා තීරයේ පලස්තීන ජනතාවට වෙන දෙයම වෙන්න ඇතැයි කියා සිතන ලෙසට ඥාතීන් දැනුවත් කළා නම් වඩාත්ම යෝග්‍ය වේ...
මොවුන්ට සමාව ගන්න කියන්න එපා. ඒ අසරණයින් වෙනුවෙන්. මොවුන්ව එල්ලා මරන්න. සහෝදරයෝ බේබිලාව, ප්‍රධාන මිනීමරුවෝ... මොවුන්ට කිසිම සමාවක් ගන්න කියන්න එපා...
ඒකත් එක්කම පලස්තීනේ පැත්තට ඇහැ දාලා පොඩ්ඩක් එන්නකෝ...!
ඔය රටවල් වලට සරණාගත වීසා අරගෙන ඉන්න ලිස්ට් එක දුන්නා නම් අතුරුදන් වුණු ගාණ හරියටම කියන්න පුළුවන්. මතකනේ ස්විට්සර්ලන්තය මැදිහත් වුණ ගානියා බැලස්ටර් කතන්දර මාලාව.
හොඳ තීරණයක්.
ප්‍රසිද්ධියේ සමාව ගත්විට සියලු දොස් නිදොස් වෙනවද? මේ දශක කිහිපය තුළ මිලිටරි කණ්ඩායම් වල හිතුවක්කාර ක්‍රියා නිසා නිරපරාදේ මිය ගිය අය දසදහස් ගණනක්.
උතුරේ මැරුණත්, දකුණේ මැරුණත් ඒ ලාංකිකයෙක් පමණයි. යුද්ධයේ අමිහිරි පැත්ත තමයි මේ. ආබාධිත රණවිරුවන් 17000 ක් දිහා බලනකොට දිනපු කෙනෙකුත් නෑ කියලා හිතෙනවා. ඒත් වේලුපිල්ලේ ප්‍රභාකරන් නැමැති උන්මත්තකයා යුද්දෙන් මෙහා විසඳුමක් බලාපොරොත්තු නොවුණු නිසා ඉතා අමිහිරි ඛේදවාචකවලට අපට මුහුණ දෙන්න සිද්ධවුණා.. දශක තුනක්ම... එයින් ඉතා වටිනා ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත දහස් ගණනක් විනාශ වෙලා රටේ ආර්ථිකය නැත්තටම නැති වෙලා ගියා. යුද්ධයක් නොතිබුණා නම් ජීවිත විනාශ වෙන්නෙත් නෑ රටේ ආර්ථිකය විනාශ වෙන්නෙත් නෑ. මේ වගේ සමාවල් ඉල්ලන්න ඕන වෙන්නෙත් නෑ.
අනේ බම්බු ගහගන්න. අපියි දන්නේ අපේ රටේ වුණ දේවල්...
එතකොට අර පෘතුගාලයෙන් ඇවිල්ලා ලංකාවේ අන්‍ය ලබ්ධිකයින්ට කඩුව පෙන්නලා මානව දයාවෙන් සලකපු සිද්ධි...? මාතලේ කැරැල්ලෙන් පස්සේ ඉංග්‍රීසි සොල්දාදුවෝ ඒ ගම්වල හිටපු කොල්ලෝ කුරුට්ටෝ පවා ඉතුරු නොකර පිරිමි උදවිය මරලා, ගෙවල් ගිනි තියලා, වගාවන් විනාශ කරලා, කරපු වින්නැහිය? ලංකාවේ අපට "එලෙස බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූවන් කිසිදිනෙක අමතක නොකළ හැකි බව" මතක් කරලා දෙන්න හැබෑටම කවුරුවත් නැද්ද?...
බයියෝ රෑන කෝ? මේකටත් 88/89 ගාගෙන වරෙල්ලා...
සමාව ගන්න ඉස්සෙල්ලා ස්විට්සර්ලන්තයයි, ජර්මනියයි, කැනඩාවයි ඉන්න දෙමළ මිනිස්සුන්ගේ නාම ලේඛනයක් ගන්න. ඊට පස්සේ ඔය අතුරුදන් සෙට් එකේ නම් ටික අර ලිස්ට් එකෙන් කපන්න. අන්තිමට ඉතුරු වෙයි නම් 10ක් විතර. නිකන් ආච්චිට හාල් ගරන්නේ නැතුව ඔය කතාව ඊශ්‍රාලයට කියලා බලන්න..
අපි සමාව ගන්න ඉස්සෙල්ලා ඔය මානව හිමිකම් කට්ටිය ගාසා තිරයේ ළමයි කාන්තාවන් රෝගීන් ඇතුළු සියලු මිනිසුන් ඇස පනාපිට බුරුතු පිටින් මරද්දී කිසිම කතාවක් නැතුව වගේ වගක් නැතුව ඉන්න ඒක ගැන අපට කරුණු පැහැදිලි කල යුතුයි. ඒ මරා දාන මිනිස්සු ගැන ඔය ජිනීවා මානව හිමිකම් වලට වගේ වගක් වත් නැහැ වගේ. ඇයි එහෙම කරන්නේ කියලා නොකිව්වොත් ඔයගොල්ලෝ කියන දේවල් එච්චර ගණන් ගන්නැ ඕනි නැහැ. මෙච්චර කල් හිටියා වගේ ඔහේ ඇදි ඇදී යන්න ඇරලා නිකම් ඉන්නවා. ඊශ්‍රායලයට මොවත් කරන්නේ නැත්නම් අපි මොකටද නහින්නේ සමාවක් ගන්න.
ගිහිල්ලා බලාපල්ලා ගාසා තීරය. ඊශ්‍රායලයට කියපල්ලකෝ පුළුවන් නම් ඕවා... වලිගේ අස්සේ ගහගෙන ඔළුව නවාගෙන ඉන්න ලංකාවේ ආණ්ඩුවට හොඳ පාඩමක්...
ඇමරිකාව පිළිකා රෝගීන්ගෙ අත්‍යවශ්‍ය ඖෂධ වලට සම්බාධක දාල ඉරානෙ ඇතුලු අනිත් රටවල විඳින මිනිස්සුන්ට ඔය මානව හිමිකම් අදාල නැද්ද?? තව කොච්චර උදාහරණ තියනවද America and Western alliance කරන ජඩ වැඩ. ඒවට ඔය මානව හිමිකම් අදාල නැද්ද??
උතුර ඕන නැහැ දකුණේ පොලීසිවලට ගිහින්ආපහු නො ආව කී දෙනෙක් ඉන්නවා ද? මුලු රටම ගත්විට දන ගහලා සමව ගන්න එෟන.