
(නිමල කොඩිතුවක්කු)
හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා 2017 ජූලි 4 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති ලෙස පත්වූ අතර 2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.
මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පුද්ගලයෙක් විතරයිනේ. මතකයිනේ පසුගිය මැතිවරණයේදී මෙයාට ලැබුණු ඡන්ද ගණන. මේ මිනිස්සුන්ට තමන්ගේ තැන තියාගෙන විශ්‍රාම සුවය විඳින්න බැරි හැටි. අර විශ්‍රාමික පොලිස්පති ඉලංගකෝන් මහතාව ආදර්ශයට ගන්නකෝ නිකන් සවුත්තු වෙන්නේ නැතිව...
තවත් හොඳ හේතුවක් සජබෙට ඡන්දේ නොදෙන්න...!!
සජිත්ගේ ළදරු මානසිකත්වයට හරියන සෙල්ලම් මේවා, මේ කරන්නේ ෆොන්සේකාට පල නොකියා පලා බෙදිල්ලක්. වැඩවල දැක්මක් පිළිවෙලක් නැහැ, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් ළඟ තියාගෙන ජෙනරාල් කෙනෙක්ව හමුදා බලවේගයේ ප්‍රධානියා කරනවා. එන අතට ගහ උළු වස්සා කියලා කරන දේශපාලනයේ කිසිම හරයක් හෝ ගැඹුරක් පෙනෙන්නට නැහැ.
විෂෙන් විස නසනවා කියන්නෙ ඕකට. දෑන් සජිත් දේශපාලනයෙන් පරිනත වෙන බවක් පේනවා. ෆොන්සේකා කියන්නේ කුකුල් කෙන්ති කරයෙක්.ගුණ මකුවෙක්. එහෙම දේශපාලනය කරන්න බෑ .විනයක් තියෙන්න ඔනි
එනකොටම තනතුරු පූජා කරන විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති .
එම පක්‍ෂයට එක පුද්ගලයෙක් එක් වුණා එච්චරයි. හැබැයි මෙයාගේ ඡන්දය කාටද කියන එක විස්වාස නැහැ
ඒ කියන්නේ ඉදිරියේදී එන්නේ හමුදා පාලනයක්...?
සජබෙට ඡන්දෙ නොදෙන අයටනෙ සජබ වැඩකටයුතු ගැන අවුල තියෙන්නේ. සජබෙ එක්ක එල්ලි එල්ලී ඉන්නේ නැතුව ඔයාලා ඡන්දය දෙන පක්ෂේ වැඩක් බලා ගන්නකෝ...!