’’ක්‍රිකට් බෝඩ් එක’’ජන මතයට ඇහුම්කන් දිය යුතුයි’ ’’ක්‍රිකට් බෝඩ් එක’’හරි වුනත් වැරදි වුනත් ජන මතය යන්න කියනවා නම් ඔවුන් යා යුතුයැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 November 2023
තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ පැවැත්විණි. 09 November 2023
විජේදාසගේ පුතා කමිටුවට පත් කළේ ඇයි? ක්‍රිකට් අතුරු කමිටුව පත් කරපු එක හොඳ නමුත් එම කමිටුවට පත් කරපු අය ගැන සැකයක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 November 2023
සජිත් ක්‍රිකට් ලොක්කන් පතුරු ගහයි ශ්‍රී ලංකා ක්‍රිකට් ලොක්කන් අද සිටින්නේ ජනාධිපතිට අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වඩා ඉහළින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද(9) පැවසීය. 09 November 2023
අම්පාර කොහු කම්හලක විශාල ගින්නක් අම්පාර නවගම්පුර ප්‍රදේශයේ විශාල කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාව සහ අම්පාර ගිනි නිවන ඒකකයේ කණ්ඩායම් දැඩි වෙහෙසක් ගනිති. 09 November 2023
මැතිසබේ ඊයේ පුපුරලා ගියේ අළු යට තිබූ ගිනි පුපුරක් මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 November 2023
සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් සෙබළා මාට්ටු කොට්ටාව සහ මාලබේ පොලිස් පොලිස් වසම් වල නිවාස දෙකක් බිද රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමින් යුත් මැණික් ගල් හා රන් භාණ්ඩ ඇතුළු දේපල තොගයක් සොරාගත් හිටපු විශේෂ කාර්ය බලකා සෙබලෙකු අද (09) දා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි. 09 November 2023
විවාදය යද්දී ක්‍රිකට් ලොක්කෝ සල්ලි ගන්න උත්සහයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති බව තමාට දැනගන්නට ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය. 09 November 2023
ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 10,500 ක් මරුට ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මියගිය පලස්තීනුවන් ගණන මේ වනවිට 10,500 පසු කර තිබේ. තවමත් හමාස් ග්‍රහණයේ ඊශ්‍රායල සිවිල් වැසියන් 239 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටින බව ද වාර්තා වේ. 09 November 2023
වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. 09 November 2023
‘ජී7’ විදෙස් ඇමැති හමුව ජපානයේ ‘ජී7’ රටවල විදේශ ඇමැති හමුව, ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්විණි. ටෝකියෝ අගනුවරට රැස්වුණු ‘ජී7’ විදේශ ඇමැතිවරුන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා ප්‍රධාන වශයෙන් සාකච්ඡා පැවැත්වූයේ ඊශ්‍රායල හමාස් යුද ගැටුම් සම්බන්ධයෙනි. 09 November 2023
ඇහැලේපොළ වලව්ව මාලිගාවට එපා නම් ආයෝජනයකට මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. 09 November 2023
ඉරාන ආයුධ ගබඩාවකට ඇමෙරිකන් හමුදා ප්‍රහාර නැගෙනහිර සිරියාවේ ඉරාන හමුදාවට අයත් ආයුධ ගබඩාවක් විනාශ කළ බව ඇමෙරිකාව පවසයි. ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ලොයිඞ් ඔස්ටින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ, ඇමෙරිකන් ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා එම ආයුධ ගබඩාව ඉලක්ක කර ගනිමින් පහර දීම කළ බවය. 09 November 2023
සුජිත් යටවර බණ්ඩාරගේ දේහය ශ්‍රී ලංකාවට ඊශ්‍රායල - හමාස් ගැටුමෙන් මිය ගිය දෙවන ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර බණ්ඩාර මහතාගේ දේහය අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය . 09 November 2023
බෙහෙත් කොටන තුවක්කුව පිපිරි අයෙක් මරුට අවිස්සාවෙල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු බෙහෙත් කොටන තුවක්කුවක් පිපිරීමෙන් මිය ගොස් ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 09 November 2023
නාවික භටයා තවත් නාවික භටයෙක් මරලා ත්‍රිකුණාමලය තිස්ස නවික හමුදා කඳවුරේ තැබෑරුම් තුල මත්පැන් සාදයක් අතරතුර ඇතිවූ ආරවුලකින් නාවික භටයකු තියුණු ආයුධයකින් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවත් නාවික භටයකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි. 09 November 2023
වැස්ස නවතින හැඩක් නෑ දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 November 2023
අල්ලස් ගත් කම්කරු නිලධාරියා මාට්ටු පනාගොඩ ප්‍රදේශයේ වෙළදසලක සේවය කරන සේවකයන් පස් දෙනකු අර්ථසාධක අරමුදලට සම්බන්ධ නොකර වෙළදසැල පවත්වාගෙන යාම සදහා එම ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ හතරක අල්ලසක් ඉල්ලා එයින් අත්තිකාරම් ලෙස රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් කම්කරු දෙපාර්තුමේන්තුවේ කේෂ්ත්‍ර නිළධාරියකු අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 09 November 2023
සුළු සිද්ධියකට දොස්තර දෙන්නාට ගහලා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට වාරියපොළ නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් පොළක් අසල දී පහරදීමකින් තුවාල ලැබූ වෛද්‍යවරයකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ප්‍රතිකාර ලබමින් පසු වන බවජවාරියපොළ පොලීසිය පවසයි. 09 November 2023
ෂාෆ්ටර්ගේ රක්ෂණය සති දෙකකට නවතයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය රක්ෂණාවරණ දෙකක් සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය පුද්ගලික රක්ෂණ සමාගම් දෙකකට අද නියෝග කළාය. 08 November 2023
තැපැල් වර්ජනය සාර්ථකයි තැපැල් සේවකයන් ගේ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා අද(8) දිනයේ ඇනහිට තිබූ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය. 08 November 2023
65 අම්මන්ඩි චෛත්‍ය මළුවේ කසිප්පු හංගලා අඟුරුවාතොට ප්‍රදේශයේ විහාරයක ඉදිකරිම්න් පවතින චෛත්‍යය ආසන්නයේ වළක් හාරා එහි සඟවා තිබූ නීති විරෝධී මත්පැන් බෝතල් හතලිස් පහක් සමග නීති විරෝධී මත්පැන් ජාවාරම් කාරියක් අද උදෑසන අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය පවසයි . 08 November 2023
විෂ බීජ නාශක බෝතලය ළඟින් තබා බොන්න බල කරලා ’’බිපන්,තව බීපන්, තව බීපන්, මැරෙන්න බීපන්’’ යැයි පවසමින් වැසිකිලි විසබීජ නාශක දියර බෝතලය අසල තබා 14 හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව නාරාහේන්පිට පොලිසිය කියයි. 08 November 2023
ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය. 08 November 2023
වර්ජිත තැපැල් සේවකයන්ට තදින් හිටී සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී වැඩවර්ජනයේ නිරත තැපැල් සේවකයන් සම්බන්ධයෙන් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කොට ඉදිරියේදී තීරණයක් ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය. 08 November 2023
තරුණ මේජර්ගෙන් ලක්ෂ දෙකක් කප්පම් ගන්න ගිහින් නිරුවත අන්තර්ජාලයට මුදා හරින බව හමුදා මේජර්වරයකුට තර්ජනය කර බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක කප්පම් මුදලක් ලබාගත් සංවිධානාත්මක කල්ලියක නව දෙනකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලීසිය කියයි. 08 November 2023
ක්‍රිකට් නව ව්‍යවස්ථා කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් සැකසූ නව ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ හෙට(9) පැවැත්වෙන විවාදයේ දී ආණ්ඩු පක්ෂය විසින් සභාගත කර සාකච්ඡාවට ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. 08 November 2023
ගංවතුරට මාස දෙකයි ගැමියෝ විරෝධයක අතුරලිය තබ්බටුවාව උතුරු ග්‍රාම නිලධාරි වසමේ හෝන්දුගොඩ ගම්වාසීහු 500 දෙනෙක් පමණ පීඩාවට පත් කරමින් මාස දෙකක් තිස්සේ අඛණ්ඩව පවතින ගංවතුර තත්ත්වයට විසැඳුම් ඉල්ලා අද සවස හෝන්දුගොඩ හන්දයේ මහ වතුර මැද විරෝධතාවක නිතර වූහ. 08 November 2023
පාලකයන් යන අත මල්වතු නා හිමි පෙන්වති රටේ පාලකයන්ට කොතරම් හොඳ පැත්ත පෙන්වා දුන්නද ඒවා ගණන් නොගෙන ඔවුන් බලාපොරොත්තු වන ආකාරයට ගමන් කිරීමට ඔවුන්ට අවශ්‍ය වී තිබෙන බව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා විහාර පාර්ශවයේ මහා නායක හිමියෝ පැවැසූහ. 08 November 2023
ආබාධිතයන් වෙනුවෙන් නව පනතක් ආබාධිත ජනතාව වෙනුවෙන් නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය අනුප පස්කුවල් මහතා පැවසීය. 08 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026