අල්ලස්ගත් එස් අයි -පීසී අත්අඩංගුවට කසිප්පු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අත්අඩංගුවට ගත් කසිප්පු ප්‍රමාණය අඩුකර නඩු පැවැරීම සදහා උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරයෙක් රැපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගැනීමේදී නාරම්මල ප්‍ර දේශයේදී 17 January 2024
විදේශ සේවා නියුක්ති කාර්යංශය ලක්ෂ ගණනක වියදමින් පුහුණුවක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සේවකයෙක් වෙනුවෙන් රුපියල් 33,000 ක පමණ විශාල මුදල් වැයකරමින් නායකත්ව පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් එයට සහභාගි නොවන සේවකයන්ගේ වැටුපෙන් ඒ සඳහා වැය වන මුදල කපාහරින්නේ යැයි ලිඛිතව දැනුම්දී ඇති බවත් එම කාර්යංශයේ ඇතැම් සේවකයෝ චෝදනා කරති. 17 January 2024
පැට්ටා ඝාතනයට යොදා ගත් යතුරුපැදිය සොයාගනියි කොරතොට, කඩුවෙල ප්‍රදේශයේ බුද්ධික ප්‍රසාද් නොහොත් පැට්ටා පැහැරගෙන ගොස් වෙඩි තැබීමට භාවිතා කළ යතුරු පැදිය ඊයේ (16) සේදවත්ත, කළුපාලම ප්‍ර දේශයේ දී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 17 January 2024
‘යුක්තියට‘ තවත් 1,024ක් කොටු ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ රට පුරා පසුගිය පැය 24 තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1,024 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 13 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද (17) පෙරවරුවේ පැවැසීය. 17 January 2024
’’ලංකාව හරි පාරට වැටෙමින් සිටිනවා’’ ශ්‍රී ලංකාව අනාගතවාදී දැක්මකින් යුතුව නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්රියාවලියෙහි නිරතව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 17 January 2024
රජයේ පාසල් ආරම්භය කල්යයි රජයේ පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 17 January 2024
හක්බෙල්ලන් ළඟ තබාගත් කාන්තාවක් ඇතුළු තුනක් අල්ලයි මන්නාරම එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටි හක්බෙල්ලන් 30,000 කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ළඟතබාගැනීම හේතුවෙන් කාන්තාවක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිස් අපරාධ විමර්ශන අංශය පවසයි. 17 January 2024
ගාසාවට මානුෂීය ආධාර එයි ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, විපතට පත්වී සිටින ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන්ට මානුෂීය ආධාර යැවීම සම්බන්ධයෙන්, ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැනුණි. 17 January 2024
ඉරානයෙන් පාකිස්තානයට මිසයල ප්‍රහාරයක් පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ ගම්මානයකට ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඉරාන විප්ලවීය හමුදාව සහ බුද්ධි අංශය පවසා ඇත්තේ මිසයිල ප්‍රහාරය එල්ල කළේ ඉරානයේ සතුරන් ලෙස සැලකෙන බලුකිස්තානයේ ක්‍රියාත්මක ‘බලුචි’ බෙදුම්වාදී සටන්කාමීන් ඉලක්ක කරගෙන බවය. 17 January 2024
දුමින්දට දුන් නිදහස නිත්‍යනුකුල නෑ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින් එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. 17 January 2024
උතුරු මුහුදට ඇතුල් වූ ඉන්දීය ධීවරයින් 18 ක් අත්අඩංගුවට මන්නාරම මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02 ක් සමගින් ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 17 January 2024
ගං වතුර නවත්තන්න මිලියන 2482 ක් බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 17 January 2024
හිමිනමට ලිංගික හිංසන කළැයි දෙකක් අල්ලයි අවුරුදු 10 ක් වයසැති සාමනේර හිමිනමකට විහාරාධිපති හිමියන්ද මැදිහත්ව සමූහ ලිංගික හිංසනයක් සිදුකල බවට ලැබී ඇති පැමිණිල්ලක් මත 20 සහ 17 වියැති පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් , මේ වනවිට විදෙස් ගතව සිටින විහාරාධිපති හිමියන් සම්බන්දයෙන් විමර්ශන සිදුකරන බවත් මීගහතැන්න පොලිසිය පවසයි . 17 January 2024
වෙල් යායක මළ සිරුරක් මුලතිව් පුඩුකුඩීරිප්පු දේවිපුරම් මල්ලිකාඩු වෙල්යායේ තිබී මළ සිරුරක් හමු වු බව පුඩුකුඩීරිප්පු පොලිසිය සදහන් කරයි. 17 January 2024
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකම නැවත 1 වැනිදා මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 17 January 2024
පෝලන්ත ජාතික යුවළට පහරදීලා මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන් බව එම යුවළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 17 January 2024
පළාත් තුනකට පුංචි වැස්සක් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 January 2024
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණවලදි කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී පස් අවුරුදු සිර දඩුවමක් නියව සිට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැඟන්වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 16 January 2024
‘‘ජනපතිවරණයට හොඳම සුදුස්සා මම‘‘ ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. 16 January 2024
ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති. 16 January 2024
විදේශ රැකියා වංචාකරුවන්ට දැඩි දඬුවම් විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 16 January 2024
පක්ෂ 75ක් ඇති එකම රට ලංකාව රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 January 2024
කැලණි ගඟෙ කිඹුලෙක් දරුවකු ඇදගෙන ගිහින් කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක් දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි. 16 January 2024
ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක් තත්පර 25 ක් වැනි සුළු කාලයකදී මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය. 16 January 2024
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දෝස් මුරයක් කොළඹ කුරුඳුවත්ත සංගීත ගුරුවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ කටයුතු පිළිබඳව විමතිය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසීය. 16 January 2024
13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 16 January 2024
ජනපති- ඇල් ගෝර් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ (The Climate Reality Project) නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි. 16 January 2024
මුදල් ඇමති - සෞඛ්‍ය සාකච්ඡාව අසාර්ථකයි මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය. 16 January 2024
ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. 16 January 2024
VAT ගැසූ සරුංගල් යාපනය අහසේ තෛපොන්ගල් උදාවෙන් පසුව යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි. 16 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026