(අංජුල මහික වීරරත්න)
ගංවතුරට යටවූ මාතර දිස්ත්‍රික්කයේ තේ ගස් මැරී යාමේ තර්ජනයක් ඇතැයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.
රොන්මඩ නිසා තේ වගාවට දැඩි බලපැමක් වන බවද තේ මණ්ඩලය කියයි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ විශේෂඥයන් පැවසූයේ ගංවතුර නිසා ඇතිවූ මඩරොල්ල තේ දළුවල හා තේ පත්‍රවල තැවරීම හේතුවෙන් තේ ගස් මිය යාමේ තර්ජනයක් මතුවීමට ඉඩ තිබෙන බවයි.
මේ නිසා කුඩා තේ වතු ආරක්ෂා කර ගැනීම සඳහා තේ වගා කරුවන් මේ සම්බන්ධව දැනුම්වත් කිරීමටත්, තේ පත්‍රවල මඩ තැවරී ඇත්නම් ඒවා ජලයෙන් සෝදා හෝ ඉවත් කිරීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලෙසත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
තේ ගසක ආයු කාලය වසර 30ක් පමණ වන අතර තේ ගසක් වැඩෙන්නට වසර තුනක පමණ කාලයක් ගත වේ. මේ නිසා ගංවතුර හේතුවෙන් විනාශ විය හැකි තේ වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහන්සිවෙලා වතුර බහිනවාත් එක්කම සෝදල දාන එක තමයි විසඳුම, ලොකු ඉඩම් හිමියන්ට අමාරු වැඩක්. ඊලඟ වැඩේ පොලෙව මතුපිට බැඳෙන මඩ තට්ටුව නිසා මුල් තැම්බීම, ඒක ගස විනාශ වීමට බලපානව.