
(අංජුල මහික වීරරත්න)
රත්නපුර නව නගරයේ පිහිටි ඉඩම් කොටසක් සබරගමුව පළාත් සභාව වෙත ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රත්නපුර නව නගරයේ පළාත් සභා සංකීර්ණය අසල හෙළ බොජුන් හලක් ස්ථාපිත කිරීම සඳහා ඉඩම් කොටසක් ලබාදෙන ලෙස සබරගමුව පළාත් සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගනු ලැබ ඇති පර්චස් 23.10 ක ඉඩම් කොටසක් හඳුනා ගෙන තිබේ.
එම ඉඩම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කර ඇති වෙළඳපළ වටිනාකම දැනටමත් සබරගමුව පළාත් සභාව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත ගෙවනු ලැබ ඇතැයි රජය කියයි.
ඒ අනුව එම ඉඩම් කොටස රත්නපුර ප්‍රාදේශීය ලේකම් මගින් සබරගමු පළාත් සභාව වෙත පැවරීමට හැකිවන පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල් මෙතන නිදහස් කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඒකෙ අයිතිය, සබරගමුවේ මහ ඇමැතිටද දන්නේ නෑ නේද?
පළාත් සභා මැතිවරණය අවසන් වෙලා එම ධුර කාලය අවසානයේ වත් බොජුන්හල විවෘත කරන්න ලැබේවා
සුද්දා එදා ගොල්ෆේස් එක කාටත් විකුණන්න බැරි විදියට නිතීගත කරේ නැත්තං ඕක අද චීනාට විකුණලා. අන්න එදා ඉංග්‍රීසින්ට තිබ්බ කැක්කුමවත් දැන් පාලකයන්ට නෑ. අඩුම ලංකාව තමාගේ ව්‍යාපාරය කියලා හිතුවත් රට ගොඩ ගන්න පුළුවන්. අද හොංකොං රාජ්‍ය කියන්නේ ඒ වගේ රටක්. ලංකාව සිංහල මනුස්සයෙක්ට ගොඩ ගන්න බෑ බෑමයි