
(යොහාන් භාසුර)
විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සංශෝධනය කිරීමට උපරිම උත්සහ කර එසේ කිරීමට නොහැකි වුවහොත් පනත පරාජය කරන ලෙස ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ හෘදසාක්‍ෂියක් ඇති මන්ත්‍රීවරුන්ගේන් ඉල්ලා සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (5) පැවසීය.
එම සංගමය කොළඹදී අද (5) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ සහ එහි සම ලේකම් බුද්ධික විජයවර්ධන යන මහත්වරු එසේ පැවසීය.
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු එම පනතට සහයෝගය නොදන්වනු ඇතැයි විශ්වාස කරන බව කී විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා එම පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධ යැයි ඒ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදී ප්‍රකාශ වූ බව ද සඳහන් කළේය.
පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් විදුලිබල පනත සම්මත කරන අවස්ථාවෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇතැයි දැනගන්ට ලැබී ඇතැයි කී පරාක්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවට ගුරු කරන බවත්ය.
මෙම විදුලිබල පනතට තව දුරටත් විරෝධය පළකළ ද අපහපත් කාලගුණණයෙන් ද පීඩාවට පත්ව සිටින ජනතාව අපහසුතාවට පත්වන කිසිඳු වෘත්තීය ක්‍රියාමාර්ගයකට නොයන බව ද පරාක්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පිටු 61 ක දීර්ඝ තීන්දුවක් බවත් එම සංශෝධනවල සාරාංශය පමණක් කරුණු 11 ක් යටතේ පිටු 7 ක ඇතුළත් බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සම ලේකම් බුද්ධික විජයවර්ධන මහතා එහිදී පැවසීය.
මෙම විදුලිබල පනත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 වගන්තියට පටහැනි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කළ යුතු යැැයි අධිකරණ පවසා ඇති බවත් තවද දේශපාලන බලපෑම් ඉවත්කිරීමට එම සංශෝධනවල නිර්දේශ රැසක් ඇතුළත්ව ඇති බවත් බුද්ධික විජයවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ අත්තනෝමතික වැඩ දිගටම කරගෙන යන්න CEB ඕනේ මෙයාලාට... ටැක්ස් එකත් මණ්ඩලයෙන්ම ගෙව්වලු නේද?
ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය?
මී පැණි වාරෙ ඉවරයි. ඉතින් අත ලෙවකන්න තමයි වෙන්නේ...!
ඔව් ඔව් ඒවා පරාද කරලා මෙයාලාට දිගටම හොරා කන්න ඉඩ දෙමු. සාමාන්‍ය ජනතාව විදුලි බිල ගෙවනවනේ කන්න නැතත්...
තමන්ගේ උගත්කමට රටට සේවයක් කරනවාට වැඩිය තමන්ගේ බඩ වඩාගන්නා කට්ටිය.
ඔය ඉන්ජිනේරුවෝ තෝරු, මෝරු නිසා තමයි ඔවැනි පනත් ගේන්න සිද්ද වුනේ... විදුලිය පමණක් නොව සියලුම රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කළ යුතුයි...
රටේ මහජන දේපළ ගජ මිතුරුන්ට කුණු කොල්ලයට විකුණලා කොමිස් කුට්ටි සාක්කුවේ දාගන්න හදන දූෂිත දේශපාලන හිවලුන් සහ එවුන්ට ආවඩන මෝඩ ගැත්තන් තමයි මේ රටට ශාපයක් විනාශයක් වෙලා තියෙන්නේ. ඔය මොන නැටුම් නැටුවත් තව මාස හතරයි කියලා මතක තියා ගනිල්ලා, ඊට පස්සේ ඕවා ආපසු හරවන්න අපි පාරට බහිනවා.
ඔය පරගලේ නොකෙරුවා නම් රනිල්ට ඔය නැටුම් දාන්න බෑනේ. අනුර අයියාත් දැන් ඉන්දියාවට සපෝට් නිසා කතාව අඩුයි. අනික් අතට මණ්ඩලේ ඉංජිනේරු මහත්තුරුත් දැන් පරම්පරාවට හරි හම්බ කරගෙන ඇතිනේ...