රන් දේව පිළිමයක් විකුණන්න ගිය 2ක් මාට්ටු දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි 15 April 2024
වාහන ගෙන්වන්නන්ට කොළ එළියක් අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පැවසීය 15 April 2024
යාපනේ රෝහලේ කොරෝනා මරණයක් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති. 15 April 2024
ජනපති ලස්සන වීමේ රහස කියයි නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගියහ. 15 April 2024
තහනම් ගහක ගෙඩි කන්න ගිහින් දැරියක වෙඩි කයි පොළොන්නරුව ගිරිතලේ යාය හතර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු දාහතක දැරියක තුවාල ලබා ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 15 April 2024
ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය. 15 April 2024
අවුරුදු දා රිය අනතුරුවලින් 10ක් මරුට සිංහල අලුත් අවුරුද්ද උදාවූ පෙරේදා (14) දා සිදුවූ රිය අනතුරුවලින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 15 April 2024
තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අවධාරණය කළේය. 15 April 2024
අවුරුද්දේ ආරවුලෙන් වාහන දෙකක් ඇවිලෙයි බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වාහන දෙකකට අද (15) අලුයම ගිනි තබා විනාශ කොට ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 15 April 2024
හම්බෙගමුව වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයකදි හම්බෙගමුව සීනුක්ගල ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තැනැත්තෙක් යතුරුපැදියක් ද සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 April 2024
සේරුනුවර නිවසක ඝාතනයක් සේරැනුවර පොලිස් වසමට අයත් ගල්වල හන්දියේ නිවසක් තුල පවුල් ආරවුලක් මත සිය බිරියගේ අනියම් පුරුෂයාට පිහියෙන් ඇන ඝාතනය කල නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. 15 April 2024
සාදයේදී මිතුරෙක්ට පහරදුන් පී.සී.අත්අඩංගුවට අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමඟ සාදයක් පවත්වා පසුව සිදුවු අරවුලකදි වු පහරදිමක් සම්බන්දයෙන් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි. 15 April 2024
පළාත් කීපයකට වැස්සේ සුළු වැඩි වීමක් දිවයිනේ නැගෙනහිර,ඌව සහ දකුණු පළාත්වල වැසි තත්වය තාවකාලිකව වැඩි වීමක් බලාපොරොත්තු වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 April 2024
ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 15 April 2024
’’යළි පහර දුනහොත් බලාගෙනයි’’ ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් මොහොම්මඩ් බගේරි ප්‍රකාශ කළේය. 14 April 2024
ලෝක නායකයෝ ඉරාන මිසයිල ප්‍රහාරය හෙළා දකිති ඉරානය සහ ඉරාකයේත් යේමනයේත් සිටින ඉරාන හිතවාදී සටන්කාමීන් පසුගිය 14 වැනිදා ඊශ්‍රායලයට මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යානා 300 ක් යොදා ගනිමින් කළ ප්‍රහාරය හෙලා දැකීමට ලෝක නායකයන් කටයුතු කර ඇත. 14 April 2024
හයිවේ එකෙන් කෝටි 4කට වැඩි ආදායමක් අධිවේගී මාර්ග වල රථවාහන ධාවනය කිරීම සියයට 10 කින් පමණ ඉහළගොස් ඇතිබව අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්යක්ෂ ආර්.අයි.ඩී.කහටපිටිය මහතා පැවසීය. 14 April 2024
නිධන් හාරන්න ගිය 6ක් මාට්ටු දමන තොට්ටම පුරාණ අරියාකර රජ මහා විහාර භූමියේ ගල් තලාවක පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු සහ පුරාවස්තු සෙවීමට උපයෝගි කරගන්නා ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පවසයි . 14 April 2024
කොස්ගොඩ බියවැද්දූ කොල්ලකල්ලියක් මෙහෙයවූ නැන්දා -දුව අල්ලයි කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ලකල්ලියක් මෙහෙයවූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු සහ කොල්ලකල්ලියේ සාමාජිකයන්වූ තරුණයන් දෙදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය කියයි. 14 April 2024
ජෝ බයිඩ්න් - බෙන්ජමින් විනාඩි 25ක් කතා කරයි ඉරානයට පහර දීමට ඇමෙරිකාව කිසිසේත් සහාය ලබා නොදෙන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුට දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 14 April 2024
රිය අනතුරින් දෙකක් මරුට:දෙකක් රෝහලට කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද( 14 ) හාලිඇල ශ්‍රී වීර ශක්ති විනයාගර් කෝවිල අසලදී මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක හැපීමෙන් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී එහි රියදුරු හා තවත් ගැහැණු දරුවෙකු බරපතල තුවාල ලබා බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කළ බව හාලිඇල පොලිසිය කියයි. 14 April 2024
මෙරට බිත්තර මිල යළි නඟි ආනයන ඉන්දියන් බිත්තර මිල අඩු කරන විට දේශීය බිත්තර මිල වැඩි කර ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 14 April 2024
අයියාගේ කෝපි පොලු පහරින් මල්ලි මරුට කෝපි පොල්ලකින් පහරදී සිය බාල සහෝදරයා මරණයට පත්කළැයි වැඩිමහල් සහෝදරයා අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි. 14 April 2024
‘ඉරානය එක්ක ගැටුම් අවශ්‍ය නැහැ‘ ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන, මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමග ගැටුමක් ඇති කර ගැනීමට ඇමෙරිකාවට අවශ්‍ය නොවන බව එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා ප්‍රකාශ කළේය. 14 April 2024
ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාරයේ සතුටට ටෙහෙරාන් හි පෙළපාලි ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට සතුට පල කරමින් ටෙහෙරාන් නුවර එක්සත් රාජධානි තානාපති කාර්යාලය, පලස්තීන චතුරස්‍රය ඇතුළු ස්ථාන කිහිපයකදී එරට ජනතාව පෙළපාලි පැවැත්වූහ. 14 April 2024
විශේෂ දුම්රිය සේවයක් අද අළුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා අද (14) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසයි. 14 April 2024
පැහරගත් ‘ඒරිස්‘ ඉරානයට ය්‍රාතා කරයි ඊශ්‍රායලයට සම්බන්ධකම් තිබෙන බව පවසමින් ඉරාන නාවික හමුදා විශේෂ කාර්ය බළකාය විසින් අත්පත් කර ගනු ලැබූ පෘතුගාල භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වූ එම්.එස්.සී ඒරිස් ඉරානය බලා යාත්‍රා කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 14 April 2024
පොරෝ පහරින් අයෙක් මරුට හුංගම ,රන්න වාඩිගල වලව්මහතාගේ ආර ප්‍රදේශයේදී පොරව කින්පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි . 14 April 2024
සෞඛ්‍ය වාහන 679 ක් අතුරුදන් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 14 April 2024
ඉස්සරහට යන්න පුළුවන් අලුත් වුනොත් විතරයි ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 14 April 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026