(රොමේෂ් මධුෂංක)

වැලිඔය සම්පත්නුවර  කල්‍යාණපුර ගම්මානයේ පසුගියදා කුඩ දැරියකට අමානුෂිකව පහරදුන් සිද්දියේ ප්‍රධාන සැකකරු වන කුකුල් චමින්ද නොහොත් බිබිලේ චමින්ද අද (05) අලුයම අත්අඩංගුවට ගත් බවට පොලීසිය පැවසීය.

සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය වූ කුඩා ළමයකුට කෑම කමින් සිටියදී පහරදෙන විඩියෝවට අදාල ප්‍රධාන සැකකාර පුද්ගලයා වන කුකුල් චමින්ද නැමැත්තා සහ මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා අද දින අලුයම පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ අතර අමානුෂිකව පහරකෑමට ලක්වූ වින්දිත කුඩා දැරියද සොයාගෙන ඇති අතර දැරිය යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද පොලීසිය පැවසීය.

මේ වන විට වැලිඔය පොලිස් භාරයේ සිටින කුඩා දැරිය අද (05) දහවල් මුලතිව් අධිකරණ වෛද්‍යවරය වෙතට යොමු කිරීමට පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.