
(පී.ශාන්ත බණ්ඩාර)
කෑගල්ල මංගලගම කුරුඳිය වළහේන ගමෙහි නිවෙසක් අසල වූ කඩා වැටුණු පස් කන්දකට යටවී වයස අවුරුදු තුනහමාරක සිඟිත්තකු මිය ගියේය.
මෙසේ මියගොස් ඇත්තේ කවිඳු ෂෙහන්ත නමැති දරුවෙකි.
නිවසෙහි පිටුපස ආරක්ෂිත පැතිබැම්මක් නිර්මාණය කිරීමට අද උදෑසන සිට ඉවුරක් කපා තිබූ අතර මිය ගිය දරුවා එම ස්ථානයේ සෙල්ලම් කරමින් සිටියදී ඔහුගේ සිරුර මතට පස් කන්ද වැටී ඇතැයි ද පොලිසිය කියයි.
අසල්වාසීන්ගේ සහායෙන් දරුවා ගොඩට ගෙන කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරා ඇතත් දරුවා මියගොස් ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපිය වැඩිහිටි නොසැළකිල්ල.... අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි...