(පද්මා කුමාරී කංකානම්ගේ  සහ හිරාන් ප්‍රියංකර)

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැක කෙරෙන,ඉගුරු ඇසුරූ ගෝනි  29 ක්,සැක කරුවන් දෙදෙනෙකු ද ඉල්ලන්තඩිය වෙරළ තීරයේ දී අත් අඩංගුවට ගත් බැව් නොරොච්චෝල පොලිසිය පවසයි.

මෙම ඉගුරු තොගය සමග ඒවා ප්‍රවාහනය සදහා යොදාගත් බවට සැක කෙරෙන ධීවර යාත්‍ර තුනක් එන්ජිම් තුනක්,පිහිටීම් දීශාව සොයා ගන්නා ජී.පී.එස්.යන්තයක් ද මේ සමග පොලිස්බාරයට ගෙන ඇත.

ඇසුරුම් තුළ ඉගුරු කිලෝ ග්‍රෑම් 1456 ක් තිබුණු අතර,එහි දළ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බැව් පොලිසිය පවසයි.

සැක කරුවෝ කල්පිටිය උච්චිමුනේ පදිංචි වයස අවුරුදු 30 ත් 40 ත් අතර අයවලුන් වෙති.

දැනට ශ්‍රී ලාංකීය වෙළද පොළේ ඉගුරු මිළ ඉතා ඉහළ ගොස් ඇති නිසා ඉන්දියාවේ සිට මුහුදු මගින්, හොර පාරෙන් ඉගුරු ගෙන්වීමට පෙළඹී ඇතැ යි පොලිසිය පවසයි.