
(අංජුල මහික වීරරත්න)
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් සෙරෙප්පු දමාගෙන ගොස් ආණ්ඩුව බාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර ඇතුලත මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවද ජනාධිපතිවරයා කීය.
මෙම අවස්ථාවේ සියලු දෙනාගේ වගකීම වන්නේ දේශපාලනය පසෙක තබා රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සහාය වීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ රුවන්වැල්ල නිවසේදී පැවති ජන හමුවකදී ය.
ජනතාවට දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වුවද තවමත් රට ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බව පැවසු ජනාධිපතිවරයා, එබැවින් දේශපාලනයෙන් තොරව රට ගොඩනැඟීම වෙනුවෙන් සියලුදෙනා එක්විය යුතු බව ද අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජරාපක්ෂලා එක්ක එකතු වෙලා ප්ලෑන් ගහලා තව හදනවා මිනිස්සුන්ව රවට්ටන්න
චන්දයෙන් පැරදිලා ලැජ්ජ නැතිව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට රිංගපු උන් දෙන ටෝක් දැක්කම කොහෙන් හිනා වෙන්නද තේරෙන්නේ නෑ . 6 , 7 පාරක් අගමැති වෙලා ඉන්නකාලේ රට තව අගාදයට දැම්මා . පාස්කු ප්‍රහරය වෙනකොට රටේ අගමැති . දැන් IMF ලෝන් එකයි , සංචාරක කර්මාන්තයි , පිටරට ඉන්න උදවියයි යවන මුදල් වලින් රට ගොඩ යනවා මිසක් මේ උන්දැලා කරපු _බ්බක් නෑ . වහල් මෝඩයින් චුන් උනාට සමස්ත රටේ උදවිය දන්නවා සත්‍ය . ඒ එක්කම පුළුවන්නන් මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ? මේ ටික කරලා පස්සේ කතා කරන්න මයික් පැලෙන්න .
දාගෙන ඉන්න සෙරෙප්පුවෙන් තමයි ඔහෙලා ඔක්කොටම මෙදා පාර දෙන්නේ
ඔබ ඔබේ දේශපාලන ගමන ආරම්භ කළේ මීට වසර දෙකකට පෙරද? ඔබ දශක 4ක පමණ කාලයක සිට මෙම කරළියේ සිටි අතර ඔබ ඔබගේ පෙර පාලන කාලයෙන් ඉවත් වන විට ශ්‍රී ලංකාව ණය බරක් බවට පත් වූ අතර පාස්කු දින සිදුවීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ ඛේදවාචකය බව කවුරුත් දනිති. දැන් ඔබට තවත් වාරයක් අවශ්‍යද? නෑ අපිට බෑ, 2048 වෙනකම් ඉන්න බෑ
ජනාධිපතිතුමා කියපු කතාව දැක්කම මට අතීත කතාවක් මතක් වුනා .ප්‍රේමදාස ජනාධිපතිතුමා රැස්වීම් තියෙන වෙලාවට නිළධාරින්ට නියම කලා සම්පූර්ණ ඇදුමෙන් එන්න කියලා .ඒකට විරුද්ධත්වය පෙන්වූ එකල හිටපු විගණකාධිපතිතුමා ජාතික ඇදුමක් ඇදගෙන සෙරෙප්පු දාගෙන ගියාලු.ඉතින් සමහරුන්ට ඒක ගැන පූර්වාදර්ශයක් තියෙන නිසා ජනාධිපති වෙන්න සුදුසු ඇදුමක් නැතුව ධාවන තරගෙට යන්න නැතුව ඇති ( උපමාවකින් කිව්වොත් ඒ වෙලාවෙ රට තිබුනෙ නටන තෙල් කටාරමක් වගේනෙ .ඉතින් ගිනි සිසිල් කරන මන්තර දැනීම මදි අය තෙල් කටාරමට බහින්න බයවෙන්න ඇති. ඇත්තටම රටක් පාලනය කරනවා කියන්නෙ නටන තෙල් කටාරමකට බහිනවා වගේම වැඩක් තමයි )
ඉතින් ඒ වෙලාවේ හිටපු පක්ෂ නායකයින්ට පුළුවන්, අනික් අය හදපුවා ගිනි තියන්න ලේසියෙන්ම...... කට උල් කර කර විවේචන කරන්න..... ලියුම් ලිය ලිය පස්ස ගහන්න... පුදුමේ කියන්නේ.. දැන් උන් තමයි වේදිකාවල මයික් පලන්නේ.. අරක කරනවා මේක කරනවා.... මේක කරලා තියෙන විදිය හොද නෑ.... මම හිටිය නම් මෙහෙමයි කරන්නේ.... හපොයි දෙය්යනේ උන්ටද පිස්සු නැත්නම් ඕව ගිහින් අහන් ඉන්න උන්ට ද පිස්සු......
කොච්චර කරත් අපිට හැමදාම උරුම සෙරෙප්පුවම තමයි. සමහර අය සෙරෙප්පුත් නැතිව යන්නේ.
බුද්ධිමත්ව සවන් දෙන්න...
ඔබතුමාට සෙරෙප්පු ඇතිව හෝ නැතිව ජනතාව ප්‍රතික්ෂේප කලට පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් හොරුන්ගේ ආශීර්වාදයෙන් අගමැතිවෙලා , ජනාධිපති වෙන්න පුළුවන් වුනාට , චන්දෙන් පැරදිලා විපක්ෂේ නියෝජනය කරන අනෙක් මන්ත්‍රීවරුන්ට එහෙම එන්න පුරුද්දක් හෝ අවශ්‍යතාවයක් නැතුව ඇති ,
මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දේ දීලා ජනාධිපති කෙනෙක් පත් කරලා, ඊට පස්සේ අවුරුද්දේ පැහැදිලි බහුතරයක් සමග පොහොට්ටුවට ඡන්දේ දීලා පාර්ලිමේන්තුවේ පැහැදිලි දුන්නේ රට පාලනය කරන්න මිසක් වෙන මගුල් කරන්න නොවේ.. ජනාධිපති සහ පැහැදිලි බහුතරයක් තිබෙන පාර්ලිමේන්තුවක් තිබිලා පොහොට්ටුවට සහ රනිල්ට ආණ්ඩු කරන්න බැරිනම් ඒකට විසඳුම ඡන්දෙන් පැරැදිලා විපක්ෂෙට වෙලා ඉන්න සජිත්, අනුර ආණ්ඩුවට ගැනීම නොවේ. නැවත මැතිවරණෙකට ගිහින් ජනතාවට කැමැති නායකයින් පිරිසක් පත්කරගන්න ඉඩ දෙන එක...
අපි නම් දැක්කේ අරගලේ තිබ්බ යූ න් පී කූඩාරමේ ඉඳන් හෙළුවෙන් දුවගෙන ගියා වගේ...!
ඕකම තමයි කියන්න තියෙන්නේ පව් දෙයියනේ, එක පචයෙක්ගේ ගෙදර තවත් මහා කියවන්නෙක්. අපිට නම් දැන් සෙරෙප්පුත් නැහැ.
තමුන් කියපු කරපු දේවල් දිහා බැලුවාම ඉස්සරහට ඇඳුනුත් නැතුව තමා යන්න වෙන්නේ...!
අලුත්ම සන්ධානයේ සලකුණ සෙරෙප්පුව...
ඔය කියන ඡන්දේ නොතියා මම එන්නම් කියලානේ
අරගල කාලේ ලිප්බෝක්කේ හැංගිලා හිටිය ඇමැතිලා දැන් චන්ඩි වගේ පිස්සු කෙලින විදිහට දිගටම නැටුවොත් , අනිවාර්යයෙන් මේක බලන් ඉන්න ජනතාව නැවත පාරට බැහැල නිතිය අතට අරන් පාර්ලිමේන්තුවේ 225 ටම ගහල එලවනවා , ඔබට එතකොට දුවන්න වෙන්නේ සේරෙප්පුත් නැතුව , කරුණාකර කෛවාරු ගහන එක මදකට නවතාල පිස්සු කෙලින අමතිලට විරුධව නිතිය ක්‍රියාත්මක කරන්න .