
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටි ඉන්දීය ජාතික අඹු සැමි යුවළක් තිස්සමහාරාම, කිරින්ද මුහුදු වෙරළේ රළ පාගමින් සුන්දරත්වය නරඹමින් සිටි අවස්ථාවේ චණ්ඩ රළ පහරකට අසූ වී ගසාගෙන ගොස් මුහුදේ ගිලි මිය ගොස් ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
මෙම අඹුසැමි යුවළ රළ පහළට අසූවී ඈත දියඹට ගසාගෙන යද්දි දෙදෙනා සමග පැමිණි ඥාතීන් දෙදෙනකු ආධාර ඉල්ලා කෑ ගැසූ අවස්ථාවේ සිටි පිරිසක් පැමිණ මුහුදට පැන පීනා ගොස් දෙදෙනාම ගොඩට රැගෙන ඇවිත් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
කාන්තාව ඒ වන විටත් මියගොස් ඇති අතර බිම පුද්ගලයාට පණ තිබෙන බව පෙනී ගිය නිසා ඔහු දෙබරවැව රෝහලට රැගෙන ගොස් ඇත.
වෛද්‍යවරුන් පරීක්ෂා කර බලා ඔහුද මියගොස් ඇති බව දැනුම් දුන්නේ යැයි පොලිසිය කියයි.
මෙම අඹු සැමි යුවළ රළ පෑගීමට ගොස් සිටි ප්‍රදේශය අනතුරුදායක බවට භාෂා තුනෙන්ම පුවරු ප්‍රදර්ශනය කර රතු පැහැති කොඩිද එල්ලා තිබුණු බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉන්දීය මිනිස්සු හින්දි විතරයි දන්නේ
අපේ රටේත් දරුවන්, වැඩිහිටියන් මේ ආකාරයට ගසාගෙන ගොස් මැරේ. ඒ අය සිංහල දනී. ඒත් ජීවිතය ජීවත්කරවන්න ඕනෑ කරන සාමාන්‍ය විද්‍යා දැනුම මෙතෙක් දීලා නෑ. ඉදිරියටත් එය දෙන්නේම නෑ. ඒ දැනුම සියලු අයට දෙන්න උත්සාහයක යෙදී සිටිනවා. ඒත් එයට රජයේ නම් සහයෝගයක් නෑ...!