
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන් අතර බහින් බස්වීමකින් පසුව ඇතිවූ ගැටුමකදී තුවාල ලැබූ රාජපක්ෂ මහතාගේ පාදයකට අද (4) පැය තුනහමාරක පමණ ශල්‍යකර්මයක් කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු දැඩි සත්කාර ඒකකයට යොමු කළ බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
පාදයේ අස්ථියක් බිඳීයාම හේතුවෙන් ඔහුට මෙම ශල්‍යකර්මය කර ඇත.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේදී ඇතිවූ ගැටුමකින් ගුණතිලක රාජපක්ෂ මහතා තුවාල ලැබුවේ පෙරේදා (3) පස්වරුවේය.
ගැටුමෙන් තුවාල ලැබූ ගුණතිලක රාජපක්ෂ මහතා ෙපෙර්දා 03 රාතිෙය් කොළඹ යුද හමුදා රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙක් පැවැසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොළරයෙන් ඇල්ලුවා මිස ඔහුට ඒක අතක්වත් නොතැබූ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තව කවුද කලා වගේ අත නැතුව කකුලද දන්නෑ තිබ්බේ....
කාටවත් අයිතියක් නෑ තව කෙනෙක්ව අල්ලන්න. මේ මෝඩයා හිතනවා කමක් නෑ කියලා .නෑ . ඔහුට දඬුවම් දිය යුතුයි
අතක් නොතියා කකුල කැඩුවේ කොහොමද ?
පාර්ලිමේන්තුවට ආවට මුන්ගේ ජන්මේ පුරුදු අත අරින්න බැහැ කිසිම සංයමයක් නැති
ටයි කොට් දාගත්ත පාතාලයන් පාර්ලිමේන්තුවේ ඉන්න වගට තවත් සාක්ෂියක්
මේක පුදුම රටක්.මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් තව කෙනෙක්ට පහර දීල රෝහල්ගත උනොත් ගුටි කාපු කෙනා රෝහලෙන් එළියට එනතෙක් පහරදුන් කෙනාව පොලිස් අතඅඩන්ගුවේ.දැන් මේ මන්ත්‍රීවරයා පහර කාල සැත්කමක් කරල ඉන්නෙ අයිසියු එකේ.ඒත් පහරදුන්නු මහින්දානන්ද මේ මොහොතෙත් නිදැල්ලෙ.පුදුම නීතියක්නෙ මේක.පොලිස් ප්‍රකාසක කියනව ප්‍රකාසයක් ගන්න බැරිලු දැඩි සත්කාර ඒකකයේ ඉන්න නිසා.ඒ නිසාද අත්අඩංගුවට නොගන්නෙ?එතකොට පහරකාපු කෙනා මියගියා නම් කොහොමද ප්‍රකාස ගන්නෙ? විහිලු නේද මේව?
කොහොමත් වාහන සීසර් කරන කෙනෙකුගෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
ගෙදර ගෑණිටත් ගහපු මේ වගේ අපතයින් තමයි ඔය පොහොට්ටුව කියන අටමගලේ ඉන්නේ. කතාව නම් බොහොම ජනප්‍රිය මාතෘකා ගැන. රාජපක්ෂලාගේ ඉඳලා ඕකෙ ඉන්න ඔක්කොම එකයි.
මොනවා කිව්වත් ඇමැතිලාට නම් මේ කාලෙ මාර අපලයි.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසුවේ තමා ගුණතිලක රාජපක්ෂ මහතාගේ කමීස කොලරයෙන් ඇල්ලුවා මිස ඔහුට එක අතක්වත් නොතැබූ බවයි. කොලරය ඇල්ලුවේ මොකෙන්ද දන්නේ නැහැනේ...!
මේ ඉතිං ගරුතර පාර්ලිමේන්තු මන්ත්‍රීලා හොඳේ... පුදුම ගෞරවයක් තමයි දැනෙන්නේ.. තව පටන් ගත්තා විතරයි.. ඉදිරියේදී තවත් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න ප්ලීස්.. එහෙනම්.. අපට ජය වේවා..