(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ආඩියාගල, නෙල්ලිකුලම හා නල්ලමුදාව ගම්මාන තුන සහ මුලතිව් දිස්ත්‍රික්කයට අයත් පාලක්කුලි හා කළ්‍යානිපුර ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වශයෙන් සංවර්ධනය කිරීම සඳහා  තෝරා ගෙන තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මෙම ගම්මාන සංවර්ධනය කරනු ලබයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කර ඇති තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන 160ක් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ස්ථාපිත කිරීමට ගෙන ඇති වැඩ පිළිවෙල යටතේ මෙම තෝරා ගැනීම  කර ඇත.

ෙමෙම ගම්මාන පහ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියරෙහි කටයුතු ලබන සතියේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වර්ෂයේ දී තරුණ කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩ පිළිවෙළ සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් රජය විසින් ලබා දී ඇත.