(එම්.සුසිල් පියන්ත)

ඇල්පිටිය පිටුවල  ගරාජයක අද (4) පස්වරුවේ ඇතිවූ පිපිරිමකින් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ ගරාජ් හිමියා පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බව ඇල්පිටිය පොලීසිය කියයි.

තීරෝද රථයක් අලුත්වැඩියා කටයුත්තක් සඳහා ඉදිරිපස ඉස්සීම සඳහා යොදා ගත් බැරලයක්  පිපිරි ඇතිවූ ගින්න නිසා පෑස්සුම් කටයුතු කළ ගරාජ් හිමියා පිලිස්සී බරපතල තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.

මේ සමගම ඔහු පෑස්සුම් කටයුතු සිදු කළ තීරෝද රථයද මුළුමනින්ම ගින්නට හසු වී අලු වී ගොස් ඇති බවද පොලීසිය කියයි.

මේ අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබු ගරාජ් හිමියා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.