
(පියදාස සමරවීර සහ රොමේෂ් මධුෂංක)
පසුගියදා වැලිඔය කල්යානිපුර දී ඉතා අමානුෂික ලෙස සිව් හැවිරිදි දියණියකට පහර දුන් සැකකාර සුලු පියා සමඟ එකී දියණියගේ මව හා තවත් කාන්තාවන් දෙදෙනෙකූ මැයි 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කසුන් කාන්චන දසනායක මහතා අද(05) නියෝග කලේය.
පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කලේ වැලිඔය පොලීසිය
හා පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සැකකරුවන් වැලිඔය පොලීසිය මගීන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
කෲරත්වය පත් හතර හැවිරිදි දියණිය අනුරාධපුර පරිවාස බාරයට පත් කිරීමට පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ සියලුම නීතිඥවරු පහරකෑමට ලක්වු දියණිය වෙනුවෙන් පෙනී සිටිමින් කරුණූ දැක්වූහ.
ප්‍රධාන සැකකරු එකම නිවසේ කාන්තාවන් දෙදෙනෙකු සමග අඹුසැමියන් ලෙස ජීවත්වන බවද, පහර කෑමට ලක් වු ලාබාල දියණිය ඉන් එක් කාන්තාවකගේ බවද පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ගෑවුණුු ගෑවුණුු අය අල්ලලා. ලොකු දඬුවමක් නැතත් ටික දවසක් හරි හොඳ පරිප්පුවක් කයි රොත්තම...!
ගුණතිලක රාජපක්ෂට පහර දුන් කෙනා තවම නිදැල්ලේ... !
ඒ ගහපු පාරට ළමයා මැරුනේ නැති එක දෙවියන්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ, බොනික්කෙක් විසික් කරා වගේ. ඕකට වගේම ගෑනිටත් බරපතල වැඩ ඇතිව අවුරුදු 50කටවත් හිරේ දාන්න ඕනේ.
මහින්දාන්ද තාම ගෙදර ඉන්නවා ලු. අල්ලනනේ නැද්ද?
jaica මුදල් ගසා කාපු එවුන් තාම නිදැල්ලේ