
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලුම සංශෝධන පිළිගැනීමට ආණ්ඩුව එකඟවී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ආණ්ඩුව වෙනත් සංශෝධන කිසිවක් ඉදිරිපත් නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ විදුලි බල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ආංශික අධීක්ෂණ කාරක සභාව එක සංශෝධනයක් ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව ඊට එකඟ වූ බවත් ඔහු කීවේය.
විදුලි පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පවත්වන බවද විජේසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි වැඩිය බය වෙන්න එපා. ඔය කොයි කොයි දේටත් පොදු ජනතාව ළඟ විසඳුම් තියෙනවා. කාලය විතරයි අවශ්‍ය...
තව මාස හතරක් ඉවසන්න, අපි අලුත් සංශෝධනය රාශියක් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයා වැඩියෙන්ම කැමැති වැලිකඩටද බූස්සටද කියලා කියන්න හොඳේ...