කොළඹ සරසවියේ සිසුවෝත් විරෝධයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාලවල ප්‍රතිපාදන සහ නේවාසිකාර කප්පාදුව ඇතුළු ගැටලු රැසකට විසඳුම් නොදීමට විරෝධය දක්වමින් අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූ අතර එම විරෝධතාවට දහසක පමණ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වූහ. 18 January 2024
අම්බලන්ගොඩ ඝාතනයකට ආ සෙබලෙක් සහ තවත් අයෙක් මාට්ටු අම්බලන්ගොඩ ප්‍රකට මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමට පැම්ණි යුද හමුදා සෙබළකු සහ තවත් අයකු අද (18) දහවල් අම්බලන්ගොඩ නගර මධයයේදී ගිනි අවියක් සහ එයට දැමිය හැකි පතුරම් දාහතරක් සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති. 18 January 2024
ජපුර අනධ්‍යන සේවකයන්ට කඳුඵ ගෑස් ප්‍රහාරයක් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා රට පුරා ක්‍රියාත්මක උද්ඝෝෂණ මාලාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් අද (18) දහවල් පැවැත්වූ උද්ඝෝෂණයට පොලිසිය කඳුඵ ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීය. 18 January 2024
සීනි ගොලුවන්ට මුදල් කමිටුවෙන් දොස් සීනි වංචාවෙන් නැතිවූ මුදල් අදාළ සමාගම්වලින් නැවත අය කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළවිය. 18 January 2024
ජනපති ස්විට්සර්ලන්තයෙන් උගන්ඩාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුවට සහ G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව (3rd South Summit of the Group of 77 & China)ට සහභාගී වීම සඳහා අද (18) උගන්ඩාවට පැමිණියේය. 18 January 2024
පුංචි ඡන්දෙට බය ජනපති මහමැතිවරණය ගැන උදම් වනනවා පළාත් පාලන මැතිවරණය හෝ පවත්වන්න කොන්දක් නොමැති ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව මහ මැතිවරණ ජනාධිපතිවරණ ගැන පුරසාරම් දොඩන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 18 January 2024
ධම්මික පෙරේරා එක්ක ජනපතිවරණ එකඟතාවක් නෑ අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 January 2024
භාරතයේ වයලින් රජු දිවයිනට ඉන්දියානු සම්භාව්‍ය වයලින් වාදනේ රජු ලෙස සැලකෙන ඉන්දීය සංගීතඥ ආචාර්ය අම්බ් සුබ්‍රමනියම් මහතා මෙරටට පැමිණ තිබේ. 18 January 2024
ජනාධිපති ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ස්විට්සර්ලන්ත ජනාධිපති වියෝලා ඇම්හර්ඩ් මහත්මිය ( Viola Amherd ) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවත්විණි . ලෝක ආර්ථික සමුළුවට සමගාමීව මෙම හමුව සිදු විය. 18 January 2024
විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ නැවතත් පාරට බසති විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් මුහුණදී සිටින ගැටලුවට විසඳුම් ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයෝ එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (18)) පෙරවරුවේ විරෝධතාවක නිරත වූහ. 18 January 2024
අඩුවට කුළු බඩු දෙන්න ’’සංස්ථාව’’ එකඟ වෙයි ජීවන වියදමට යම් සහනයක් සැලසීම සඳහා රජයට අයත් කුළු බඩු හා ඒ ආශ්රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් කුළුබඩු සහ වියළි ආහාර ද්‍රව්‍ය අවම මිල ගණන් යටතේ අලෙවි කිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි. 18 January 2024
සරසවි විරෝධතාව වළක්වන්නැයි කළ ඉල්ලිම අධිකරණයෙන් ඉවතට කොළඹ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද දින සංවිධානය කරන විරුද්ධතාවය හා පෙළපාළිය වළක්වන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (18)ප්‍රතික්ෂේප කළේය. 18 January 2024
මාර්ග නීති කඩන්නන්ට තෙවන ඇසින් දඩ කොළඹ නගර සීමාව තුළ සවිකර ඇති සීසීට්වී කැමරා පද්ධති මගින් රථවාහන වැරදි හඳුනාගෙන රියදුරන්ට දඩ කොළ නිකුත් කිරීමේ ක්‍රමවේදය විසි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය. 18 January 2024
කෝපා සමෘද්ධියට දෙහි කපයි විෂමාචාර සහ විවිධ දුෂණ අක්රමිකතාවල නිරත වූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පිරිසකට දඬුවම් ලබාදීම පැහැර හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට දැඩි අප්‍රසාදය පළ කළේය. 18 January 2024
රැඟුම් පාලක මණ්ඩලයේ රැඟුම් ඉවරයි ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය අහෝසි කොට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලය පිහිටුවන නව පනත් කෙටුම්පත ඒ සඳහා පත්කළ කමිටුව විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ජනාධිපති කාර්යාලයේදී බාර දුන්නේය. 18 January 2024
රිය අනතුරින් සිසුවා මරුට යතුරු පැදියක් ලොරි රථයක පිටුපස ගැටිමේන් සිදුවු අනතුරින් 15 හැවිරිදි පාසල් සිසුවෙක් මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසයි. 18 January 2024
සිංගප්පූරු ඇමැති ධුරයෙන් ඉවත් වෙයි දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ, සිංගප්පූරු කැබිනට් අමාත්‍ය සුබ්‍රමනියම් ඊශ්වරන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉන්දීය සම්භවයක් ඇති 61 හැවිරිදි සුබ්‍රමනියම් ඊශ්වරන්, 2021 සිට මේ දක්වා සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය. 18 January 2024
වෙළෙඳ ගනුදෙනුවලට ඉන්දියා රුපියල තාක්ෂණික සහයෝගීතාවයට සහ වෙළෙඳ ගනුදෙනු සඳහා ඉන්දීය රුපියල භාවිතයට ගෙන ඉන්දියාව සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කරගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 18 January 2024
විදුලි බිල ගැන ජනමතය විමසීම ලබන සතියේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම ලබන සතියේ ආරම්භ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර ඇත. 18 January 2024
අතවර සිද්ධියකට කොස්තාපල්ගේ වැඩ තහනම් කුඩා දරු දෙදෙනකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වාද්දුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පානදුර පොලිස් අධිකාරී කාර්යාලය කියයි 18 January 2024
යාල යළි විවෘත කරයි අයහපත් කාලගුණය හේතුවෙන් පසුගියදා වසා තැබුණු යාල පලටුපාන ප්‍රධාන පිවිසුම් දොරටුව යලි විවෘත කල බව ඌව කලාපය භාර වනජීවි සහකාර අධ්යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය. 18 January 2024
කොළ හකුළුවන දළඹුවා වී වගාවට බැටදෙයි වී වගාවේ කොළ හකුළුවන දළඹු වසංගතය දිවයිනේ ප්‍රදේශ ගණනාවක පැතිරෙමින් ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 18 January 2024
‘යුක්තිය’ තවත් 943 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 943 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 18 January 2024
ජනපති-අයි.එම්.එෆ් ලොක්කන් අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) සහ නියෝජ්‍ය කළමණාකර අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් (Gita Gopinath) යන මහත්මීන් අතර හමුවක් ස්විට්සර්ලන්තයේ දී සිදුවිය. 18 January 2024
රෝහල් සේවිකාවට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි. 18 January 2024
හවුති සටන්කාමීන් ගෝලීය ත්රස්තවාදීන් - බයිඩන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරමින්, නැව්වලට පහර දෙන, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්, ගෝලීය ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කටයුතු කළේය. 18 January 2024
දකුණු පළාතේ කිරිපට්ටි 665ක් වහලා දකුණු පළාතේ කිරිපට්ටි 665ක් ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුලදි කිරි පට්ටි 665ක් වැසිගොස් ඇති බැව් දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුව පවසයි. 18 January 2024
‘යුක්තිය’ට මහා නාහිමිවරුගේ ආශිර්වාදය කවර බලපෑම් හමුවේ වුවත් ‘යුක්තිය මෙහෙයුම’ නතර නොකරන ලෙස මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අනුශාසනා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය පැවසීය. 18 January 2024
පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 18 January 2024
රාජකාරි පාසලේ දරුවන්ට ටියුෂන් කළ ගුරුවරු 51 ක් පාසලෙන් දොට්ට මධ්‍යමපලාත් ආණ්ඩුකාරවරයා නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනි අයුරින් දරු දැරියන්ගෙන් මුදල් අයකර අමතර පංති පැවැත්වීම නිසා මධ්‍යම පලාතේ පාසැල්වල සේවයේ නියුතු ගුරුවර ගුරුවරියන් 51 දෙනෙකු ඔවුන් සේවය කළ පාසැල්වලින් වෙනත් පාසැල් වලට ස්ථාන මාරු කර යැවීමට මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගෙන තිබෙි. 18 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026