
(රෝෂන් තුෂාර)
එල්. පී. එල් 2024 ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට බලපෑම් කලේ යයි කියන දඹුල්ල තන්ඩර්ස් ක්‍රිකට් කණ්ඩායමේ හිමිකරු, බ්‍රිතාන්‍ය පුරවැසි බංග්ලාදේශ ජාතික තමීම් රහ්මාන් ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මහතා අද (07)නියෝග කළේය.
රුපියල් ලක්ෂ 05 මුදල් ඇපයක් සහ මිලියන 10 බැවින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කෙරිණි.
ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අධිකරණ නියෝග පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා විදේශගත වීමට තැත් කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පසුගිය 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව හැමදේම විකුණනවා කියන කස්ටිය බංග්ලාදේශයේ කෙනෙකුට ලංකාවෙ ක්‍රිකට් සංගමේ අයිතිය ලැබීම සතුටක් වෙන්න ඇති