දිය වළකට එක්දරුපියා බිලි ගල් වැඩපලක ජලය පිරි තිබූ වලක අද(12) දහවල් දියනැමට ගිය එක්දරු පියෙකු දියේගිලී මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. 12 November 2023
පුත්තලම-කොළඹ දුම්රිය ධාවනය යළි අරඹයි දින අටකට පමණ පසු පුත්තලම _කොළඹ අතර දුම්රිය ධාවනය යළි ආරම්භ වූ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 12 November 2023
බලකඩුවේ ගොඩනැගිල්ලක් නාය යයි මහනුවර මාතලේ මාර්ගයේ අලවතුගොඩ බලකඩුව ප්‍රදේශයේ පිහිටා තිබූ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් අද( 12) දිනයේ නාය යෑම නිසා එම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. 12 November 2023
විස මිරිස් හරවයි පාකිස්තානයෙන් ආනයනය කළ මිරිස් කන්ටේනර් 25 ක් ඇෆ්ලටොක්සීන් විෂ රසායනික අඩංගුවීම හේතුවෙන් ඒවා නැවත හරවා( ප්‍රති අපනයනය) යැවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 12 November 2023
සීනි සමාගමෙන් පැණි රස නැති කතාවක් සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගම එහි සේවකයන්ට දිරිදීමනා සහ ප්‍රසාද දීමනා ලෙස රුපියල් කෝටි 73 කට අධික මුදලක් පසුගිය වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ 12 November 2023
අයවැය හෙට මැතිසබයට ලබන වසර ( 2024) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට හෙට (13) දහවල් 12.00 ට ඉදිරිපත් කෙරේ. 12 November 2023
රජයට පොලු තැබූ තවත් අරක්කු කොම්පැණි ගැන හෙළිදරව්වක් මත්පැන් නිෂ්පාදන කටයුතු නවත්වා ඇති සමාගම් කිහිපයක්ද රුපියල් කෝටි ගණනක බදු මුදලක් රජයට කාලයක සිට ගෙවා නැතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 12 November 2023
අඳුර එලවා සංවර්ධන ආලෝකය පහල වෙමින් තිබෙනවා ලංකාව වසර ඉකුත් වසර දෙකක මුහුණ දුන් අඳුරු සමය පළවා හැර ආලෝකය පිරි සංවර්ධන මාවතට ක්‍රමයෙන් අවතීරණ වෙමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 12 November 2023
මහනුවර-බෙලිඅත්ත දුම්රිය කාර්මික දෝෂයක:මගීන් මහමග මහනුවර සිට මාතර හා බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ අංක 40 දරණ දුම්රිය අබේපුස්ස හා මීරිගම අතරදී කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි දුම්රිය බලධාරීහු කියති. 12 November 2023
කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක් මෙවර මහ කන්නයේ දී වැඩිපුර කීරි සම්බා වගා කිරීම සඳහා ගොවීන් පොළඹවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 12 November 2023
අහස කැළඹේ:අද සවසත් තද වැසි ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායු ගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 November 2023
ක්‍රිකට් තහනම් කළේ අපිට කරපු දේශපාලන බලපෑම නිසයි ඇමතිතුමා කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවොත් කව්ද හොරා කියලා පෙනේවි යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 12 November 2023
මාළු වලිය වෙඩි බිඳීමෙන් අවසන් වේ මාරවිල උතුරු මූදුකටුව වෙරළ තීරයේදී මා දැලකින් මාළු මිලදී ගැනීමට යෑමේදී ඇති වූ ආරවුලක්දුරදිග ගොස් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති අතර එම පුද්ගලයාගේ මවද කැපුම් කෙටුම් තුවාල ලබා දෙනාම මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. 12 November 2023
ජනක රත්නායකගෙ කප්පම් සිද්ධියේ ලොක්කා මාට්ටු මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වු හිටපු සංගීත ශිල්පියකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 12 November 2023
ක්‍රිකට් තහනම ඉවත් කරගන්න හැම දහිරියක්ම දානවා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදීත් ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 November 2023
මැක්රොන් සටන් විරාමයක් ඉල්ලයි ගාසා තීරයේ පලස්තීන කාන්තාවන්, වැඩිහිටියන් සහ කුඩා දරුවන් ඝාතනය කරමින් සිදුවන ඊශ්‍රායල හමුදා ප්‍රහාර වහා නවත්වා, සටන් විරාමයකට යා යුතු බව ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවසයි. 11 November 2023
ගිනි කදු පිපිරීම් බියක්: අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් පැය 14 ක් තුළ, භූමි කම්පා මාලාවක් හට ගැනීමත් සමග, අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණි. මෙලෙස අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 800 කට පසුව යැයි පැවැසෙයි. 11 November 2023
ඇමති රොෂාන්ගෙන් අයිසීසියට අභියාචනයක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයට අද හෙටම අභියාචනයක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. 11 November 2023
’’ක්‍රිකට් පරිපාලනය රටට ද්‍රෝහී වුණා: රට වෙනුවෙන් නැගී සිටින්න’’ හැමදාම බෙදෙන පාර්ලිමේන්තුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමට සහ ගම් නගර බිම් මට්ටිමින් පළාත් හා ක්‍රිකට් සමාජ මට්ටමින් දියුණු කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් එකට එකතු වුණා. එවැනි තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ අයි.සී.සී එක අප රටට ක්‍රිකට් තහංචියක් දමා ඇති බවට දැන ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් අද උදේ ඊ. එස්. පී. එන්. නාලිකාව නියෝජනය කරන ක්‍රිර්ක් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කර සිටියේ මෙම තහනම ලබා දීමට අවශ්‍ය ගොනුකර ඇත්තේ අපේම රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් කියන ආයතනය 11 November 2023
පස් කන්ද දෙදෙනෙක් රෝහලට යවති හාලිඇල රොකතැන්න වතුයායේ නිවාස කිහිපයක් මතට අද (11) උදෑසන පස්කන්දක් කඩාවැටී දෙදෙනකු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ප්‍රදේශීය ලේකම් කාර්යාලය කියයි. 11 November 2023
බඩඉරිඟු වගා කරන්න සියලු පොහොර නොමිලේ දෙයි අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීම සදහා යුරියා පොහොර නොමිලයේ ලබා දීමට අමතරව ඒ සඳහා අවශ්‍ය TSP (මඩ පොහොර ) සහ MOP (බණ්ඩි පොහොර ) නොමිලයේ මෙම ගොවීන්ට ලබා දීමටත්, බිම් සැකසීම සඳහා අවශ්‍ය මුලික වියදම් සඳහා වන මුල්‍ය ප්‍රතිපාදන ද අයකර ගැනීමකින් තොරව ලබා දීමටත් තීරණය කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 November 2023
තලංගම ගින්නක් විදේශිකයෙක් මරුට තලංගම වටරවුම් පාරේ ජයන්ති පුර දෙමහල් ගොඩනැගිල්ලක නාන කාමරය තුළ ඇතිවූ ගින්නකින් විදේශීය ජාතිකයෙකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 11 November 2023
ඇමති රොෂාන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් අනිද්දා සදුදා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. 11 November 2023
ක්‍රිකට් තහනම ගැන 21 තීරණයක් ගනී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පනවා ඇති තාවකාලික තහනම සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමර්ග නොවැම්බර් 21 වැනි දා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්යක්ෂ රැස්වීමේ දී තිරණය කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 11 November 2023
පෙර පාසල් ගුරුවරියගෙන් කප්පම් ග් ග්‍රාම නිලධාරියා මාට්ටු පෙර පාසල් ගුරුවරියකගේ දරුවන් තිදෙනා කපා කොටා මරා දමන බව පවසා භිය ගන්වා ඉල්ලූ රුපියල් ලක්ෂ විස්සක කප්පම් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමට යාමේදී හෝමාගම පිටිපන ප්‍රදේශයේදී ග්‍රාම නිලධාරී වරයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. 11 November 2023
ක්‍රිකට් සල්ලි ’’පොකට්’’ ගැහීම වලක්වන්න මන්ත්‍රී සංසදයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්රමිකතාවලට එරෙහිව ඉදිරි කාලයේදී පුළුල්ව හඬ නැගීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වතුන්ගෙන් සමන්විත වෙනම සංසදයක් පිහිටුවීමට සමගි ජන බලවේගය පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කර ඇත. 11 November 2023
ක්‍රීඩා ඇමතිගේ ආරක්ෂාව වැඩි කරයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා හෙළි කිරීමෙන් පසු ඔහුගේ ජීවිතයට විවිධ තර්ජන එල්ල වෙමින් පවතින හෙයින් ඔහුගේ ආරක්ෂාව වැඩි කරන ලෙස බුද්ධි අංශ රජයට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 11 November 2023
තැනින් තැනට අදත් තද වැසි බස්නාහිර, මධ්‍යම,සබරගමුව,දකුණ,වයම සහ ඌව පළාත්වල පස්වරු 2.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 11 November 2023
අයිස් සමග අපරාධ අංශයේ ලොක්කා අල්ලයි අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි බව කියන ත්‍රිකුණාමලය නිලාවේලි පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා(10) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 11 November 2023
වරායට ගිය වසරේ කෝටි 1197ක ’’ඕටී’’ ගෙවලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයන් වෙනුවෙන් අතිකාල දීමනා වශයෙන් රුපියල් කෝටි 1197 කට ආසන්න මුදලක් පසුගිය වසරේදී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ. 11 November 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026