
(ටී.කේ.ජී.කපිල )
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා අද(9) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .
ජනාධිපතිවරයෙ සමග දූත පිරිසක් ද මෙම සංචාරය සදහා එක් වී සිටියහ .
ඔවුන්දෙ(09 ) උදෑසන 08.32 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ .
ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික පිරිස රැගත් මෙම ගුවන් යානය අද(09) දහවල් 11.40 වනවිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝදී නම් වූ මනුෂ්‍යා බලේට ආවේ නියමිත වෙලාවට ඡන්ද තියලා මහජන කැමැත්තෙන්. තමන් පත් වෙනවාට කිසිසේත් කැමැති නොවූ ජනතාවක් වෙනත් මිනිසෙකුට දුන් වරම උපයෝගී කරගෙන කෙටි කලකට පමණක් පත් වන බවක් අඟවමින් බලයට පැමිණ ඡන්ද තියන්න සල්ලිත් නැහැ. ඡන්ද තියන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා ඡන්දෙකුත් නැහැ කියලා මේ රටේ ඡන්ද හිමි සමස්ථ ජනතාවගේ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ අයිතියට සමච්චල් කොට ඉතා පහත් විදියට පොහොට්ටු රැලත් සමග අවඥාවෙන් කොක් හඬ ලා සිනා සී ඡන්ද අයිතිය අහිමි කරපු පුද්ගලයෙක් ලැජ්ජාවක් නැතුව තමන්ගේ සහපිරිවත් සමග යනවා සවාරියක්. කරන කලට පවු මිහිරිය මී සේ... විඳින කලට දුක් වැඩි වෙයි ගිනිසේ කියන කතාව හැමෝටම ඉදිරියේදී තේරේවි...
මැතිවරණයෙන් පරද්දලා ගෙදර ඇරපු රොත්තක්ම, ජනතාවගේ බෙල්ල මිරිකලා ගත්තු බදු මුදල් වලින්, මේ ක්‍රමයට පින්සිද්ද වෙන්න දූත පිරිසක් හැටියට රට සවාරි ගහනවා. මේ ඔක්කොම දිව්‍ය ලෝක සැප මෙලොවදීම විඳලා තමයි අපහු ගෙදර යන්නේ... !!!