
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි ඇත.
ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605 ක මුදලක් බවද මෙකි වාර්තාවේ සදහන් වේ.
අලෙවිකළ ප්‍ර වේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි වංචා දිගින් දිගටම අහුවෙලත් හැමදාමත් වෙනවා. මේකට එකම විසඳුම කාඩ් මගින්, හෝ ඔන්ලයින් මගින් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමයි. ඕවා බලන්න එන අයට එහෙම බැරි නැහැ. රටේ අය පුරුදු කළ යුතුයි ඒවාට. මම පසුපස දිනක ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ හැම තැනම එහෙමයි කළේ... හැබැයි සාධාරණ ගණන්, විදේශිකයින්ට වෙනම වැඩි නැහැ. වැඩිහිටියන්ට අඩු තැන් තිබුණා. ප්‍රදීපාගාරයක් බැලුවා කිසිම හිරිහැරයක් නැහැ. ඒත් අපේ දෙවුන්දර ප්‍රදීපාගාරය බලන්න ලේසි නැහැ. මම කිව්ව ක්‍රමයට ටිකට් නිකුත් කලා නම් රජයට ආදායමක් ලැබෙනවා. ඒ රටේ වසර දෙසීයකට මෙහා ඉතිහාසයක් තිබුණත් තියෙන ඒවා මාකට් කරනවා... මෙහෙ එහෙම තැන් හමුදාව හෝ චීවර කාරයෝ අරක්ගෙන උන්දැලාගේ බූදල් කරගෙන... ඉතිං කොහොමද මේක ඉදිරියට යන්නේ...