(ලසන්ත නිරෝෂණ පෙරේරා)

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් (මිලි ගෑම් දහ අට දාහක්) ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙක් නිවිතිගල පොලිසිය විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබිය.

සැකකාර ජේලර්වරයා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන  බව නිවිතිගල පොලිසිය පවසයි.

සැකකරු යතුරු පැදියෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිනෙමින් සිටියදී රත්නපුර ජෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා ට ලද තොරතුරක් අනුව නිවිතිගල පොලිසිය රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිවත්තදි පොලිස් මාර්ග බාධකයක් යොදා වැටලීම සිදු කර තිබේ.

බන්ධනාගාර නිලධාරීයකු ලෙස රැකියාව කරමින් සැකකරු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි .